රක්නා ලංකා වංචාවලට 4ක් වගකිව යුත්තන් කරලා

රක්නා ලංකා සමාගමේ සිදුවී ඇති බව කියන වංචා හා දූෂණ වලට වගකිව යුතු අය ලෙස පුද්ගලයන් සිව්දෙනෙකු නම් කර ඇතැයි වාර්තා වනවා. බරපතළ වංචා දූෂණ විමර...

රක්නා ලංකා සමාගමේ සිදුවී ඇති බව කියන වංචා හා දූෂණ වලට වගකිව යුතු අය ලෙස පුද්ගලයන් සිව්දෙනෙකු නම් කර ඇතැයි වාර්තා වනවා.

බරපතළ වංචා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම විසින් අද පෙරවරුවේ මෙම නම් කිරීම සිදුකර ඇති බව සඳහන්ය.

හිටපු නාවික හමුදාපතිවරුන් වන ජයනාත් කොළඹගේ, ජයන්ත පෙරේරා, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා ජයරත්න සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති  මෙලෙස නම් කළ අය අතර වේ.

කෙසේවෙතත් නිශ්ශංක සේනාධිපති  පෙනී සිටි නීතීඥ කුවේරා ද සොයිසා  විසින් සේනාධිපති මහතා නම් කිරීම පිළිබඳ මූලික විරෝධතාවක් මතුකර ඇත.

ඒ අනුව එම විරෝධතාවය පිළිබඳ ලිඛිත දේශන ඉදිරියේදී කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බව ඇවන්ගාඩ් සමාගමේ නීතීඥවරයෙකු සඳහන් කළේය.


කෙසේවෙතත් ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා  සඳහන් කළේ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සිදුව ඇති බව කියන වංචා හා දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මෙතෙක් අවසන්ව නොමැති බවයි.

ඒ අනුව කිසිවෙකුත් මෙම සිද්ධියට අදාළව වගකිවයුතු පුද්ගලයන් ලෙස නම් කර නොමැති බව ඔහු සඳහන් කළේය.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද අද පෙරවරුවේ මෙම සිද්ධියට අදාළව බරපතල වංචා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබුණි.

හිටපු නාවික හමුදාපතිවරයෙකු වන ජයනාත් කොළඹගේ  මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලබන මස 3 වැනිදා යළිත් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අද දැනුම්දුන් බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1321923156624878338

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item