ජාතිය ගොඩනැගීමේ 4% බද්ද විදුලි බිලට එකතු කරන්නේ නැහැ

"පාරිභෝගික ජනතාවට බරක් නොවන පරිද්දෙන් කාර්යක්ෂම, අඛණ්ඩ මෙන්ම ගුණාත්මක විදුලිබල සේවාවක් සැපයීමයි අපේ අපේක්ෂාව. ඒ අනුව නව රජය මගින් හඳ...

"පාරිභෝගික ජනතාවට බරක් නොවන පරිද්දෙන් කාර්යක්ෂම, අඛණ්ඩ මෙන්ම ගුණාත්මක විදුලිබල සේවාවක් සැපයීමයි අපේ අපේක්ෂාව. ඒ අනුව නව රජය මගින් හඳුන්වාදෙන 4% ක් වන ජාතිය ගොඩනැගීමේ බද්ද පාරිභෝගකයාගේ විදුලි බිලට එකතු කරන්න අපේ කිසිම සූදානමක් නැහැ" යි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි. ඒ මහතා මෙම අදහස් පළකලේ, අද (30) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝ්ජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා  සිය නව කාර්යාල පරිශ‍්‍රයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ,

"නියෝජ්‍ය අමාත්‍යතුමත් මමත් යන්නේ ලොකු එකඟතාවයකින් යුතු ගමනක්. එතුමා මුලින්ම වැඩ භාරගත් දිනයේ මට කිවේ, මම සාම්ප‍්‍රදායික නියෝජ්‍ය අමාත්‍යවරයෙක් නොවෙයි කියලා. සාම්ප‍්‍රදායික අමාත්‍යවරයෙක් සහ අපි අතර තිබෙන වෙනස තමයි අපි දුරස් නැහැ. අපි අංක එකට ගන්නේ අපේ යුතුකම් සහ වගකීම්. ඒ නිසා අපි දෙන්නා පක්ෂ දෙකක වුවත් මේ වගකීම් සහ යුතුකම් සහ එකිනෙකාගේ ගරුත්වය තේරුම් අරන් තිබෙන නිසා අපිට පුළුවන්වෙලා තිබෙනවා හොඳ ගමනක් යන්න. අපේ අමාත්‍යාංශයට අයත් කාර්යභාරය තේරුම් ගෙන කටයුතු කරනවා.

අපි ඉක්මණින්ම මේ වනවිට විදුලි බලය නොලැබුණ ඉතිරි 2% ප‍්‍රමාණයට විදුලිය ලබාදෙනවා. ඒක ලොකු වගකීමක්. ඒ වගේම විදුලිය සපයන්න කැපවෙලා සිටින 20,000 කට ආසන්න සේවක පිරිසක් තෘප්තිමත් ආකාරයෙන් පවත්වාගෙන යන්නත් අපි පියවර ගන්නවා. සේවක පිරිස් තෘප්තිමත් වුණොත් තමයි ඔවුන්ගේ කාර්යය වඩාත් ඵලදායි වන්නේ. ඒ තුළින් වඩාත් කාර්යක්ෂම ගුණාත්මක, කාර්යක්ෂම, අවම පිරිවැයකින් යුත් මෙන්ම විනිවිද භාවයෙන් යුත් විදුලි ක්ෂේත‍්‍රයක් පවත්වාගෙන යාමේ වගකීම අපි දරනවා" යැයි පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 480772845122548869

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item