මත්තලින් හසු වූ කොටි 7 මුදල් [PHOTOS ]

රුපියල් හයකෝටි හැට ලක්‍ෂයකට වැඩි විදේශීය මුදල් තොගයක් නීතිවිරෝධිව ශී‍්‍ර ලංකාවෙන් බැහැරට රැගෙනයාමට උත්සාහ කළ පුද්ගලයෙකු මත්තල ගුවන් තොටුපොල...

රුපියල් හයකෝටි හැට ලක්‍ෂයකට වැඩි විදේශීය මුදල් තොගයක් නීතිවිරෝධිව ශී‍්‍ර ලංකාවෙන් බැහැරට රැගෙනයාමට උත්සාහ කළ පුද්ගලයෙකු මත්තල ගුවන් තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා වැලිගම පදිංචි 35 වන වියේ පසු වන්නෙක්. උදෑසන 7.45 ට ඩුබායි බලා පිටත්ව යන යානයකින් ශී‍්‍ර ලංකාවෙන් බැහැරව යාමට ඔහු මත්තල ගුවන් තොටුපොලට පැමිණ සිටියා. අදාළ විදේශීය මුදල් තොගය සගවා තිබුණේ මෙම පුද්ගලයාගේ ගමන් මල්ලේ යට කොටසේයි.

අමෙරිකානු ඩොලර් එක් ලක්‍ෂ අසූ හතර දහස් හත්සිය පනහක්, යූරෝ එක් ලක්‍ෂ අසූ තුන් දහස් හාරසියයක්, බි‍්‍රතාන්‍ය පවුම් දහසය දහස් හය සියයක් ඒ අතර වුණා.

කුවේට් ඩිනාර්, සෞදි රියාල්, කටාර් රියාල්, ඕමාන් රියාල්, එක්සත් අරාබි එමීර් ඩිරාම්, ඩෙන්මාර්ක් ක්‍රෝන සහ ස්විස් ප‍්‍රෑන්ක් යන විදේශීය මුදල් ඒකකද මීට අයත් වුණා. 






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7292298101121807074

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item