රුසියානු මගී ගුවන්යානා අනතුර ISIS ප්‍රහාරයක් - ISIS අන්තවාදීන් පවසති

පුද්ගලයන් 224 දෙනෙකුට මරු කැඳවමින් ඊජිප්තුවේ සිනායි පළාතේ කඳුකර ප්‍රදේශයකදී අනතුරට ලක්වූ රුසියාවට අයත් KGL9268 දරණ මගී ගුවන් යානයට ප්‍රහා...



පුද්ගලයන් 224 දෙනෙකුට මරු කැඳවමින් ඊජිප්තුවේ සිනායි පළාතේ කඳුකර ප්‍රදේශයකදී අනතුරට ලක්වූ රුසියාවට අයත් KGL9268 දරණ මගී ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කළ බව IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීහු පවසති.

IS ඉස්ලාම් රාජ්‍යයට එරෙහිව රුසියාව සිදුකරන ගුවන් ප්‍රහාරවලින් සිරියාවේ සිය ගණන් මුස්ලිම්වරු ජීවිතක්ෂයට පත්වන බව පවසමින් මෙම ප්‍රහාරය එල්ල කළ බව ඊජිප්තුවේ සිනායි පළාතේ සිටින ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීහු නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

කෙසේ වෙතත් රුසියානු ප්‍රවාහන අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම අනාවරණය තවම තහවුරු කරගෙන නොමැති බවයි.

සෙනසුරාදා අලුයම ගුවන්ගත වී විනාඩි කිහිපයකට පසුව රේඩාර් තිරයෙන් අතුරුදන් වූ යානයේ සුන්බුන් ඇති ස්ථාන වෙත ඊයේ වනවිට ළඟාවීමට ආරක්ෂක අංශ සමත් වී තිබුණි.

එයාර්බස් A321 මාදිලියේ මෙම යානයේ සුන්බුන් ආශ්‍රිතව මළ සිරුරු රැසක් හමුවී ඇති අතර, ආසන බඳ පටිද සමග මියගොස් සිටින මගීන් දැකගත හැකි බව සිද්ධිය වූ ස්ථානයේ පසුවන ආරක්ෂක අංශ පවසා ඇත.

මේ වනවිට යානයේ කළු පෙට්ටි දෙකම හමුවී ඇති නිසා එහි වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන බවද බලධාරීහු පවසති.

එමෙන්ම අනතුරට පෙර යානය හා පාලක මැදිරිය අතර තිබූ පණිවුඩ හුවමාරුවේ අසාමාන්‍ය තත්ත්වයක් නොතිබී ඇති අතර, ගමන් මාර්ගය වෙනස් කිරීමේ අවශ්‍යතාවක්ද යානය නොපෙන්වා ඇති බවද බලධාරීහු පවසති.

මේ වනවිට මළසිරුරු 130කට ආසන්න ප්‍රමාණයක් ඉවත්කර ඇති අතර, කිසිවෙකුත් ජීවතුන් අතර සිටිනු ඇති බව විශ්වාස කළ නොහැකි බවද කියැවෙයි.

අනතුර සිදුවන අවස්ථාවේ යානය ගමන් කළ මගීන් 217න් 214ක් රුසියානුවන් බවද, සෙසු තිදෙනා යුක්රේන ජාතිකයන් බවද පැවසෙයි. මේ අතර, කාන්තාවන් 138ක්, පිරිමි 62ක්, කුඩා දරුවන් 17ක් සිට ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 1277239210554558142

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item