කේ.පී ට චෝදනාවක් නෑ

යුද ගැටුම් පැවති සමයේ සිදුකරන ලද ඝාතන 48 ක් සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ජාත්‍යන්තර අංශ නායක කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. කිස...

යුද ගැටුම් පැවති සමයේ සිදුකරන ලද ඝාතන 48 ක් සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ජාත්‍යන්තර අංශ නායක කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. කිසිදු අයුරකින් සම්බන්ධ බවක් අනාවරණය නොවන බව සඳහන් කරමින් පොලිසිය අභියාචනාධිකරණයට අද (12) වාර්තාවක් ලබාදුන්නා.

ඒ, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා කේ.පීට එරෙහිව අභියාචනාධිකරණයට ගොනු කළ රීට් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදීයි.

එහිදී නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී සිටියේ කේ.පී. සම්බන්ධයෙන් ත‍්‍රස්ත මර්දන කාර්යංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මේ අතර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ප‍්‍රකාශ කළේ 2011 වසරේ අත්අඩංගුවට ගත් කේ.පී. සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය කි‍්‍රයාමාර්ග පිළිබඳ දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇති බවයි. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6609062852440140363

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item