ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේ දී දයාසිරි – වෙල්ගම ගැටෙති

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑම හේතුවෙන් පෙරේදා (17) රාත්‍...

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑම හේතුවෙන් පෙරේදා (17) රාත්‍රියේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම දැඩි උණුසුම් වී තිබේ.කොළඹ 07, පැජට් පාරේ පිහිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී මධ්‍යම කාරක සභා රැස්වීම පැවැති අතර මෙම ගැටුම නතර කිරීමට ජනාධිපතිවරයාටද මැදිහත් වීමට සිදුවිය.

විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රීවරු ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ හමුවක් පවත්වා ඇති බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනම තරග කිරීම පිළිබඳව එහිදී මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බවත් දයාසිරි ජයසේකර ඇමැතිවරයා මෙහිදී පැවසීය. “සර්… මටත් කතා කරන්න අවසර දෙන්න” මේ අවස්ථාවේ නැගී සිටි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට කියමින් නැගී සිටියේය.

“ඒ රැස්වීමට මමත් ගියා. දයාසිරි කිසිම කතාවක් එතැන වුණේ නැහැ. මම කෙළින් කතා කරන මිනිහෙක්. අපිට හංගලා ගහන්න දෙයක් නැහැ. අපි ගියේ අපේ පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ උපන් දිනය 18 වැනිදාට එන නිසා අපි අනුරාධපුරේ කරන වැඩසටහන ගැන ඒ මන්ත්‍රීවරු දැනුවත් කරලා පාක්ෂිකයෝ එතැනට කැඳවන්න කියන්න. එච්චරයි එතැන කතා වුණේ” වෙල්ගම මහතා කීවේය.

“ඔව් ඔව් ඒක මම දන්නවා. එහෙනම් ප්‍රශ්නයක් නෑනේ…” ජනාධිපතිවරයා දයාසිරි දෙස බලමින් කීවේය.

“නෑ… නෑ…. එතැන පැහැදිලිවම වෙලා තියෙන්නේ පළාත් පාලන මැතිවරණය වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කිරීම ගැන.” දයාසිරි යළිත් කීවේය.

“මේ අවස්ථාවේ වෙල්ගම මන්ත්‍රීවරයාට කේන්ති ගියේය.

“දයාසිරි මම එකක් කියන්නම්. ඔහේට ඕනේ අපි මේ පක්ෂයෙන් කැඩෙන තැනට වැඩ කරන්න. මම අවුරුදු 34ක් සංවිධායක. මම සංවිධායකකම ගත්තේ මැතිනියගෙන්. මම ඔරිජිනල් ශ්‍රී ලංකා කාරයෙක්. ඔයා වගේ පැනලා පැනලා ආයෙත් පැනලා යූඑන්පී ගිහින් අයේ ඇවිත් නෑ. තේරුණාද? ඒ නිසා අපි පක්ෂයට ආදරේ මිනිස්සු. හැමදාම පක්ෂයත් එක්ක ඉන්න මිනිස්සු. මම එකක් කියන්නම්. අපිව මේ පක්ෂයෙන් එළවන තැනට වැඩ කරන්න එපා. අපිව පන්න ගන්න ලෑස්ති වෙන්න එපා” වෙල්ගම මන්ත්‍රීවරයා දැඩි ආවේගශීලීව කතා කළේය. වෙල්ගම මන්ත්‍රීවරයා දයාසිරි දෙසට අත දිගු කරමින් අදහස් දැක්වූ අතර දයාසිරි ජයසේකර ඇමැතිවරයාද ඊට විරුද්ධ කතා කළේ ආවේගශීලීවය.

“හරි… හරි…. දැන් ඕක නතර කරන්න දෙන්නම වාඩි වෙන්න.” ජනාධිපතිවරයා දයාසිරි සහ වෙල්ගමට අසුන් ගන්නැයි කීවේය.

රුචිර දිලාන් මධුසංඛ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2171713769563891915

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item