අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති නිලංග සමරසිංහ දෙවන වරත් ගෙදර යවයි - මෙවරවත් ගෙදර යයිද

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සඳහා නව සභාපතිවරයෙකු පත්කර තිබෙනවා. මෙලෙස පත්කර ඇත්තේ මහාචාර්ය රවීන්ද්‍ර ප‍්‍රනාන්දුයි.  මෙතෙක් අන්තරායකර...

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සඳහා නව සභාපතිවරයෙකු පත්කර තිබෙනවා.

මෙලෙස පත්කර ඇත්තේ මහාචාර්ය රවීන්ද්‍ර ප‍්‍රනාන්දුයි. 

මෙතෙක් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ වෛද්‍ය නිලංග සමරසිංහයි. තමා සභාපති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ ලිපිය අද (18) පස්වරුවේ තමාට ලැබුණු බව ඔහු පැවසුවා.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම ලිපිය එවා තිබූ බවයි ඔහු කියා සිටියේ. එබැවින් තමන් සභාපති ධුරයේ තවදුරටත් කටයුතු නොකරන බවයි වෛද්‍ය නිලංග සමරසිංහ පැවසුවේ. 

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති ධුරය සම්බන්ධයෙන් මීට පෙර ද මතභේදාත්මක තත්ත්වයක් මතුවුණා. ඒ, නිලංග සමරසිංහ එම ධුරයේ රැඳී සිටියදීම හිටපු නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් ඒ සඳහා අනුයුක්ත කිරීමත් සමගයි. සමරසිංහ අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ඔහුට එම ධුරය අවශ්‍ය බවය. ඒ අනුව අගමැති වරයා ඔහුට එම ධුරය වැඩකිරීමට ඉඩ සලසා දී තිබුනා. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 378252203828192662

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item