නිළි ආක්ෂා සුදාරි ඉන්දියාවට යෑමට කළ ඉල්ලීම අහකට

ඉන්දීය ජාතිකයකු හා ප්‍රේම සබඳතාවක් පවත්වා ඔහුගෙන් රුපියල් කෝටි 14කට අධික මුදලක් වංචා සහගත ලෙස ලබාගෙන සාවද්‍ය පරිහරණය කළැයි කියන ටෙලිනාට්‍ය...

ඉන්දීය ජාතිකයකු හා ප්‍රේම සබඳතාවක් පවත්වා ඔහුගෙන් රුපියල් කෝටි 14කට අධික මුදලක් වංචා සහගත ලෙස ලබාගෙන සාවද්‍ය පරිහරණය කළැයි කියන ටෙලිනාට්‍ය නිළි ආක්ෂා සුදාරි ඉන්දියාව බලා යෑමට අධිකරණයෙන් කළ ඉල්ලීම
 
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස්  ඊයේ (26) ප්‍රතික්ෂේප කළේය. පෞද්ගලික අවශ්‍යතාවක් වෙනුවෙන් තමාට ඉන්දියාව බලා පිටත්ව යෑමට අවසර ලබා දෙන ලෙස සඳහන් කරමින් සැකකාරිය විසින් නීතිඥ සරත් සොයිසා  මගින් මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් අවසර ඉල්ලූ අවස්ථවේදී මහෙස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

එසේම සැකකාරියගේ මෙම විදේශගත වීමට අවසර ලබා දීමට විරෝධතා ඇත්නම් ලබන 04 වැනිදා අධිරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් ද නිකුත් කළේය.

බොරලැස්ගමුවේ පදිංචි ගමගේ ආශා කුමාරි නොහොත් ආක්ෂා සුදාරි (28) නමැත්තිය විසින් සිදුකළැයි කියන මෙම වංචා සිද්ධියට අදාළව රුපියල් 25,000ක මුදල් සහ රුපියල් කෝටි තුනක ශරීර ඇප මත මුදාහැරීමට අධිකරණ නියෝග නිකුත් වූයේ ඉකුත් ජුලි මස 13 වැනිදාය. ඒ අනුව ඇප කොන්දේසියක් වශයෙන් සැකකාරියගේ විදේශ ගමන් තහනමක් ද අධිකරණය මගින් පනවන ලදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණේ නො. 35, කාම්රාජ් නගර්, චෙන්නායි තමිල්නාඩු, ඉන්දියාව ලිපිනයෙහි පදිංචි ගෝපිරාජ් කවලන්ගිල් වඩකිප් (54) නමැති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එම්.බී. පෙට්‍රෝලියම් ආයතනයේ ප්‍රධාන ගණකාධිකාරීවරයකු විසින් ඉකුත් ජුනි 21 වැනිදාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පැමිණිලිකරු විසින් සැකකාරියගේ මෙම ගිණුම්වලට එවා ඇති මුදල් ඇය විසින් වියදම් කළ ආකාරය පිළිබඳව තහවුරු කර ප්‍රකාශ කිරීමට සැකකාරිය අපොහොසත් වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරි විමර්ශන සිදු කරමින් පවතින බවය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6472151125555135037

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item