අගමැති - මුදල් ඇමති විරසකය ගුටි කෙලි දක්වා දුරදිග යයි!

ආණ්ඩුව අභ්‍යන්තරයේ මේ වන විට ඇති වී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ හා මුදල් ඇමති රවී කරුණානායක අතර අර්බුදය ගුටි කෙලි දක්වා වර්ධනය වී තිබේ. ...

ආණ්ඩුව අභ්‍යන්තරයේ මේ වන විට ඇති වී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ හා මුදල් ඇමති රවී කරුණානායක අතර අර්බුදය ගුටි කෙලි දක්වා වර්ධනය වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ප්‍රධාන විධායකයා ලෙස මුදල් ඇමතිවරයා විසින් පත්කර තිබූ ඔහුගේ ඥාතියා ඉවත් කොට අගමැතිවරයා විසින් පත්කළ තැනැත්තා ඊයේ (11) වැඩ භාර ගැනීමට ගිය වෙලාවේ මුදල් ඇමතිවරයාගේ ආධාර කරුවන් විසින් පහර දී එළවා දැමීම නිසාවෙනි.

එජාප ජයග්‍රහණය සඳහා කිසිදු මෙහෙයක් සිදු නොකළ අසලකවත් නොසිටි පුද්ගලයෙකු වන කීත් බර්නාඩ් නැමැත්තෙකු අගමැතිවරයාගේ නිර්දේශය මත රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායකයා ලෙස පත්කිරීම පිළිබඳව උරණ වී ඇති මුදල් ඇමතිවරයාගේ ආධාර කරුවන් ඔහුට මෙසේ පහර දී එළවා දමා ඇත.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති හේමක අමරසූරිය මහතාට ඉවත්ව යන ලෙසට කිසිදු දැනුම් දීමක් නොකිරීම රවී කරුණානායක මහතාගේ ඉමහත් කෝපයට හේතු වී තිබේ. මන්ද යත් ඔහුව පත්කර ඇත්තේ අගමැතිවරයා විසින් බැවිනි.

ඊයේ (11) අගමැතිවරයා හමුවූ හිල්ටන් හෝටලයේ අධ්‍යක්ෂක මණ්ඩලය ඔහු වෙත අවධාරණය කොට ඇත්තේ හිල්ටන් හෝටලය අයත් වන්නේ මහා භාණ්ඩාගාරයට බවත් මහා භාණ්ඩාගාරය අයත් වන්නේ මුදල් අමාත්‍යංශයට වන බැවින් රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශයට හිල්ටන් හෝටලයේ අධ්‍යක්ෂක මණ්ඩලය සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලයක් නොමැති බවයි. මෙම කරුණු දැක්වීමෙන් කෝප වී ඇති අගමැතිවරයා හිල්ටන් හෝටලයේ අධ්‍යක්ෂක මණ්ඩලයට සහ සභාපති තුමියට අවධාරණයෙන් පවසා ඇත්තේ නීති හා තාක්ෂණික තර්ක නොදමා වහාම තම අණ පරිදි ඉල්ලා අස්වන ලෙසයි.

LNW



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3632093945224289287

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item