"දුම් සහතිකය පරණ මුදලටම" - වෑගපිටිය

දුම් සහතිකය නිකුත් කිරීම සඳහා තම ආයතන විසින් අය කරන ගාස්තු ඉහළ නංවා නොමැති බව එම පරීක්ෂණ සිදුකරන බලපත්‍ර හිමි සමාගම් පවසනවා. ලාෆ් සමාගමේ ...

දුම් සහතිකය නිකුත් කිරීම සඳහා තම ආයතන විසින් අය කරන ගාස්තු ඉහළ නංවා නොමැති බව එම පරීක්ෂණ සිදුකරන බලපත්‍ර හිමි සමාගම් පවසනවා.

ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය  සඳහන් කළේ අයවැයෙන් වැඩිකල ගාස්තුව ගෙවීමට සිදු වන්නේ ආදායම් බලපත්‍රය ලබා ගන්නා අවස්ථාවේ දී බව දැනගැනීමට ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් වාහනවල දුම් පරීක්ෂණ ගාස්තු ඉහළ නැංවීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් තවමත් තමන්ට නොමැති බව ඔහු පෙන්වා දෙනවා.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළ ද ඔවුන්ද මේ සම්බන්ධයෙන් දැනුවත් වී නොමැති බවයි ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6426240472564241058

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item