වවුනියා නව දිසාපතිට දෙමළ සන්ධානයේ විරෝධය
වවුනියාවට අලුතෙන් පත්කළ දිසාපතිවරයාගේ පත්වීම දෙමළ ජාතික සන්ධානය පිළිනොගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හා උත...
http://www.sathhanda.com/2015/11/blog-post_35.html
වවුනියාවට අලුතෙන් පත්කළ දිසාපතිවරයාගේ පත්වීම දෙමළ ජාතික සන්ධානය පිළිනොගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හා උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (25) දිනයේදී සිදු කළ සාකච්ඡාවකදී තීරණය කොට තිබේ.
බහුතරයක් දෙමළ වැසියන් වෙසෙන පළාතකට සිංහල ජාතිකයෙකු දිසාපතිවරයා වශයෙන් පත්කිරීමේදී දෙමළ ජනතාවගේ ප්‍රශ්න හා ගැටලු ඔහුට තේරුම් ගැනීමට නොහැකි නිසා දෙමළ ජනතාවට විශාල අසාධාරණයක් සිදුවන බව දෙමළ ජාතික සන්ධානය පෙන්වා දී තිබේ.
උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී.සත්‍යලිංගම් පැවසුවේ කළින් වවුනියාවේ දිසාපතිවරයා ජනතාවට සේවය නොකළ නිසා ඔහුව මාරුකොට යවන මෙන් උතුරු පළාත් සභාව යෝජනාවක්ද සම්මත කළ බවයි. පසුව අග්‍රාමාත්‍යවරයාට හා ජනාධිපතිවරයාටද මේ අසාධාරණය සැලකළ බව ඔහු පැවසී ය.
නමුත් අලුතින් පත්කළ දිසාපතිවරයාද සිංහල ජාතිකයෙකු වීම නිසා දෙමළ ජාතික සන්ධානය රජයෙන් කළ ඉල්ලීම රජය ගණන් නොගෙන ඇති බවද පළාත් අමාත්‍යවරයා සදහන් කළේය.
වවුනියාව දිසාපතිවරයා වශයෙන් කටයුතු කළ බන්ධුල හරිශ්චන්ද්‍ර මහතා රත්නපුරයට මාරුකොට යවා ඇති අතර වවුනියාවේ නව දිසාපතිවරයා වශයෙන් පත්කොට ඇත්තේ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාරයි.
මේ නව පත්කිරීම තමන්ට පිළිගත නොහැකි නිසා ඒ වෙනුවෙන් රජය යළි දැනුවත් කොට දෙමළ ජනතාවට යම් සාධාරණයක් ඉෂ්ඨ කරගැනීමට ක්‍රියාමාර්ගයන් රැසක් ගැනීමට වවුනියාවේදී පැවති සාකච්ඡාවේදී තීරණය කොට තිබේ.
දිනසේන රතුගමගේ

Related