මෙවර අයවැයෙන් වාහනමිල ඉහළ යන්නේ මෙහෙමයි

සෑම නිවසකට වාහනයක්‌..., සෑම පවුලකටම වාහනයක්‌.... යතුරු පැදියක්‌ තියෙන අයට කාර් එකක්‌ ....මේ වර්තමාන යහපාලන ආණ්‌ඩුව බලයට පැමිණෙන්නට පෙර මහජන...

සෑම නිවසකට වාහනයක්‌..., සෑම පවුලකටම වාහනයක්‌.... යතුරු පැදියක්‌ තියෙන අයට කාර් එකක්‌ ....මේ වර්තමාන යහපාලන ආණ්‌ඩුව බලයට පැමිණෙන්නට පෙර මහජනතාව හමුවේ දුන් පොරොන්දුය. රටේ තරුණ පරපුරේ සිට මහලු පිරිස්‌ දක්‌වා බොහෝ දෙනා මේ නිසා තමන්ගේම වාහනයක සිහිනය දුටුවහ. රජය පොරොන්දු වූ තරම්ම වාහන මිල අඩු නොකළත් සැලකිය යුතු ලෙස වාහන මිල අඩු කරන්නට යහපාලන ආණ්‌ඩුව කටයුතු කළේය.

රටේ මාර්ග ඉන්දියානු කුඩා වාහන වලින් පිරී ඉතිරී යන තරමට ජනතාවගේ ඒ අහිංසක බලාපොරොත්තුව බලසම්පන්න විය. රටේ සාමාන්‍ය අදායමක්‌ ඇති ජනතාව, රාජ්‍ය සේවකයින් හා අතේ ණය වී හෝ තමන්ගේ ඉඩමක්‌ විකුණා හෝ එසේත් නැතිනම් ලීසිං පහසුකමක්‌ මගින් හෝ අඩුම තරමින් කුඩා වහනයක්‌ හෝ තමන් සතු කර ගත්හ.

එහෙත් 2016 අය වැය යෝජනා මගින් රටේ ජනතාවගේ ඒ සිහින ඇති කළ යහපාලන රජය විසින්ම ජනතාවට කොකා පෙන්වා තිබේ.

ඒ අසීමිතවූ විවිධ ගාස්‌තු වාහන සඳහා රජය මගින් පනවමිනි. වාහන සඳහා වාර්ෂික ආදායම් බලපත්‍රය සඳහා අනිවාර්ය වන දුම් සහතිකය සඳහා ගාස්‌තුව රුපියල් පන්දහස දක්‌වා වැඩි කිරීම ඒ අතර ප්‍රධානය. එසේම වාහන සඳහා වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්‌තුවද 2016 ජනවාරි මස පළමුවැනිදා සිට වැඩිකරන්නට නියමිතය. එසේම වාහන ලීසිං කිරීමේදී තක්‌සේරු ගාස්‌තුව රුපියල් පහළොස්‌ දහස දක්‌වා වැඩි කර තිබේ. මීට අමතරව වාහනයක්‌ ගෙන්වීමට ණයවර ලිපි ගාස්‌තුවද, වාහන සඳහා බදු අති විශාල වශයෙන්ද වැඩිකර තිබේ.

දුම් පරීක්‌ෂණ ගාස්‌තුව වැඩි කිරීම දැඩි අසාධාරණයකි. ඉන්දියාවේ පවා දුම් පරීක්‌ෂණ ගාස්‌තුව ලෙස අය කරන්නේ ශ්‍රීලංකා මුදලින් රුපියල් දෙසිය හැත්තෑවකි. එය පන්දහස දක්‌වා වැඩි කිරීමට ඇති කවර හෝ හේතු ජනතාව පිළි නොගනිති. පසුගිය රජය යටතේ අතිදූෂිත ආකාරයට සමාගම් දෙකකට ඒකාධිකාර සාදා දෙමින් ඇතිකළ දුම් පරීක්‌ෂණ ක්‍රමවේදය මුලුමනින්ම තහනම් කරනු වෙනුවට යහපාලන ආණ්‌ඩුව එය පස්‌ගුණයකින් වැඩි කර තිබේ. ඇවන්ගාඩ් ආයතනයේ කටයුතු රජයට පවරා ගත්තාක්‌ මෙන් ජනාධිපතිවරයා කළ යුත්තේ තම විධායක බලතල උපයෝගී කරගෙන දුම් පරීක්‌ෂණ ක්‍රමවේදය අවලංගු කිරීමය.

රජයට මාර්ගයේ ධාවනය වන වාහන සංඛ්‍යාව අඩු කරන්නට අවශ්‍ය වුයේ නම් රජය කළ යුතුව තිබුණේ ඉන්ධන මිල ඉහළ නැංවීමය. ඉන්ධන මිල වැඩි කළේ නම් ජනතාවට තමන්ට අවශ්‍ය ගමන පමණක්‌ ගොස්‌ වාහනය නිවසේ ගාල් කර හෝ තබා ගන්නට හැකියාව තිබිණි.

අනෙක්‌ අතට රජය පවසන අන්දමේ දරුණු මාර්ග තදබදයක්‌ ඇත්තේ කොළඹ හා තදාසන්න නගර වල පමණි. එය වළක්‌වන්නට වාහන සඳහා අධික බදු හා ගාස්‌තු අය කිරීම විහිළුවකි.

අය වැයෙන් පැන වූ බදු හේතුවෙන් ඉහළ යන වාහන මිල ගණන් රුපියල් ලක්‌ෂ දෙකේ සිට රුපියල් ලක්‌ෂ 25 ක්‌ දක්‌වා ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

අය වැය මගින් යෝජනා කෙරුණේ ධාරිතා ඝන සෙන්ටිමීටර් ප්‍රමාණය මත පදනම් වූ නිෂ්පාදන බද්ද හා ඇතැම් වාහන සඳහා ප්‍රතිශතය මත පදනම්ව බදු අනුපාත සංශෝධනය කිරීම අනුව වාහන මිල ගණන් ඉහළ ගොස්‌ තිබේ.

මරූටි වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්‌ෂ දෙකහමාරකින් පමණද, වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්‌ෂ 4 කින් පමණද ඉහළ ගොස්‌ තිබේ.

හයිබ්‍රිඩ් ඇක්‌වා වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්‌ෂ 5 ත් 6 ත් අතර මිලකටත්, ප්‍රියස්‌ වර්ගයේ මෝටර් රථයක මිල ලක්‌ෂ 7කින් පමණ ඉහළ ගොස්‌ ඇත.

විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථයකට පැන වූ බදු ද සියයට පහේ සිට සියයට 50ක්‌ දක්‌වා ඉහළ දමා ඇති අතර අනුව එවැනි වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්‌ෂ 25කින් පමණ ඉහළ යයි. එවැනි වහනයක්‌ සඳහා මෙතෙක්‌ පැවතියේ රුපියල් ලක්‌ෂ දෙකක පමණ බද්දකි. එම නිසා මෙතෙක්‌ රුපියල් ලක්‌ෂ තිහක්‌ පමණවූ නිසාන් ලීµa කාරයක්‌ රුපියල් ලක්‌ෂ පනස්‌ පහක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබේ.

වෑන් රථ සඳහා පැනවූ බදු ද සියයට 85 සිට සියයට 150 දක්‌වා ඉහළ දමා ඇත.ඒ අනුව වෑන් රථයක මිල රුපියල් ලක්‌ෂ විසිපහත් තිහත් අතර මුදලකින් ඉහළ යයි.

මේ අතර සම්පූර්ණයෙන්ම සූර්ය තාපයෙන්, හයිඩ්‍රජන් හෝ හීලියම් මගින් ධාවනය වන වාහන සඳහා වන නිෂ්පාදන බද්ධ සියයට දෙකයි දශම පහකින් අඩු කර ඇත. කෙසේ වෙතත් එවැනි වාහන තවමත් ලොව පවතින්නේ පර්යේෂණ මට්‌ටමේය. එසේම ඒවායේ මිල සාමාන්‍ය වාහනයක මිල මෙන් විසි තිස්‌ ගුණයකි. එබැවින් එවැනි වාහන භාවිතය ප්‍රායෝගික නැත. එසේම ඒවා සඳහා හයිඩ්‍රජන් සැපයීම සඳහා වන යන්ත්‍ර සුත්‍ර වියදම රුපියල් කෝටි ගණනකි. එබැවින් එය අපේ රටට ගැලපෙන්නේද නැත.

මහ මැතිවරණ වේදිකාවේ දී වොක්‌ස්‌වාගන් කාර් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කිරීමේ යෝජනාව වත්මන් රජයේ නායකයන් එදා ගෙන ආ හැටි අපට මතකය. එම සමාගමේ රැකියා සඳහා අයදුම්පත් පවා ඇතැම් මැති ඇමතිවරු බෙදූ හැටි අපට මතකය. එහෙත් අද ඒ ගැන වචනයක්‌වත් ආණ්‌ඩුව නොකියන හැටි පුදුම සහගතය.

මේ අතර ලීසිං සඳහා රජය නැවතත් සීමා පනවා තිබේ. මෙයද ජනතාව පැත්තෙන් දැඩි අසාධාරණයකි.

මේ අතර වාහන අනයනයකරුවන් විසින් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති වාහන 200 ක්‌ පමණ ශ්‍රී ලංකා රේගුව මගින් නිසි හේතුවකින් තොරව මාස ගණනක්‌ තිස්‌සේ රඳවා ගෙන සිටින බවට ද චෝදනා පවතී.

මේ වාහන වලට දඩ නියම කර එයින් සියයට හැටක දිරිගැන්වීම් ත්‍යාග මුදලක්‌ හිමි කර ගැනීමට රේගු නිලධාරීන් පිරිසක්‌ ගන්නා උත්සහයක්‌ මීට හේතුවී ඇතැයි සඳහන්ය.

වර්තමාන තත්වය යටතේ කිසිවකුත් වාහන මිල දී නොගන්නා තත්වයක්‌ ඇතිවෙමින් පවතින බැවින් රජය වාහන ව්‍යාපාරයද නොනැසී පවත්වාගෙන යා හැකි වාතාවරණයක්‌ ඇති කළ යුතුය.වාහන ව්‍යාපාරය යනු රජයේ ප්‍රධානතම බදු අදායම් මර්ගයක්‌ද වන බැවින් ජනතාවට වාහන මිල දී ගතහැකි තත්වයක්‌ ඇති කළ යුතු සේම රජයේ ආදායමද රැක ගෙන එම ව්‍යාපාරයද රැකගත යුතුය.

වාහනයේ නව මිල යනු වාහනයේ බදු රහිත මිල හා වාහනයේ නව බද්දේ එකතුවයි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1423080774455709316

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item