එජනිස මන්ත්‍රී බහුතරයක් අය-වැයට විරුද්ධයි ඒකාබද්ධ විපක්‍ෂයෙන් ප්‍රකාශයක්‌

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක්‌ ආණ්‌ඩුවේ අය-වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව ඒකාබද්ධ විපක්‌ෂය සඳහන් කරනවා. ආ...

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක්‌ ආණ්‌ඩුවේ අය-වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව ඒකාබද්ධ විපක්‌ෂය සඳහන් කරනවා.

ආණ්‌ඩුව ඉදිරිපත් කළ අය-වැයේ පවතින ප්‍රොaඩාකාරී කරුණු හා වැරදි ප්‍රතිපත්ති පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසුව ඔහුද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට රිසිසේ ඡන්ද ප්‍රකාශ කිරීමට ඉඩ ලබාදී ඇතැයිද හෙතෙම කීය.

මේ අනුව විපක්‌ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 37 දෙනෙක්‌ පමණ හා එජනිසයට අයත් සෙසු පක්‌ෂවල මන්ත්‍රීවරු සියලු දෙනාම එකතුව මෙවර අය-වැයට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කිරීමට නියමිත බව පැවැසීය.

වත්මන් ආණ්‌ඩුවේ මුල්ම අය-වැය වන මෙම අය-වැය ජනතාවට දැඩි ලෙස අහිතකරව බලපාන බවත් කිසිදු ක්‍ෂේත්‍රයකට සහනයක්‌ නොලැබෙන බවත් ලබන වසරේ මුලA කාර්තුව වනවිට මෙහි බලපෑම දැනෙනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

අය- වැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම ලබන 02 වැනිදා සිදු කිරීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5604132913156969636

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item