ජනපති මෝල්ටාවට

මෝල්ටාව සත්කාරකත්වය දරණ 2015 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25දා) රාත...

මෝල්ටාව සත්කාරකත්වය දරණ 2015 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25දා) රාත්‍රී දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

මෙවර, රාජ්‍ය නායක සමුළුව නොවැම්බර් 27 සිට 29 වැනිදා දක්වා මෝල්ටාවේදී පැවැත්වෙයි.

ගියවර සමුළුවේ සභාපති ධුරය දරණ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතීත්වයෙන් මෙවර සමුළුව රැස්වීමට නියමිත අතර, දෙවැනි එළිසබෙත් මහ රැජින හා එඩින්බරෝ ආදිපාදවරයා ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් 30ක පමණ රාජ්‍ය නායකයන් මෙවර සමුළුවට සහභාගි වීම ස්ථිර කර තිබුණි.

එහිදී, සමුළුවේ සභාපති ධුරය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙවර සත්කාරකත්වය දරණ මෝල්ටාව වෙත පිරිනැමීමටද නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3102538182369415127

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item