මහවිරු දිනය සමරන්නැයි ප‍්‍රභාකරන්ගේ මස්සිනාගෙන් ඉල්ලීමක්

යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහිකරමින් ලබන 27 වෙනිදා මහවිරු දිනය උත්කර්ශ්වත් අන්දමින් සමරන බව දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත‍්‍රී එම්...

යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහිකරමින් ලබන 27 වෙනිදා මහවිරු දිනය උත්කර්ශ්වත් අන්දමින් සමරන බව දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසනවා.

යාපනයේදී අද (25) මාධ්‍ය හමුවක් පවත්වමින් ශිවාජිලිංගම් කියා සිටියේ යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සහ සහෝදරයින් සිහිකිරීමට දෙමළ ජනතාවට අයිතියක් ඇති බවයි. ඒ නිසා නොබියව මහවිරු දිනය සමරන්නැයි ශිවාජිලිංගම් උතුරු පළාත් වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ සිය විරුවන් සමරන්නේ නම් දෙමළ ජනතාවට ද එම අයිතිය හිමිවිය යුතු බවයි එම්.කේ. ශිවාජිලිංගම් මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේ.

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම්  එල්.ටී.ටී.ඊ. නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ඥාති සහෝදරයෙකු වනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6641249953198998224

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item