රුසියානු යානයකට තුර්කි ප්‍රහාරයක්

සිරියානු දේශසීමාවේදී රුසියානු ප්‍රහාර යානයක් තුර්කි ගුවන් හමුදාව විසින් වෙඩි තබා බිම හෙළා ඇති බව වාර්තා වෙයි. මෙහිදී, රුසියානු ආරක්ෂක අ...

සිරියානු දේශසීමාවේදී රුසියානු ප්‍රහාර යානයක් තුර්කි ගුවන් හමුදාව විසින් වෙඩි තබා බිම හෙළා ඇති බව වාර්තා වෙයි.

මෙහිදී, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉන්ටර්ෆැක්ස් පුවත් සේවය පවසන්නේ එරට ගුවන් හුමදාවට අයත් සූ-24 වර්ගයේ ප්‍රහාරක යානයක් උතුරුදිග සිරියාවේදී අනතුරට පත්ව ඇති බවයි.

එම අවස්ථාවේදී නියමුවන් දෙදෙනා පැරෂුට් ආධාරයෙන් යානයෙන් ඉවත් වී ඇති බවද එම පුවත් සේවය පවසයි.

මේ අතර, තුර්කි හමුදා පවසන්නේ තම ගුවන් සීමා උල්ලංඝනය නොකරන ලෙසට ලබාදුන් නියෝග පිළි නොපැදි ප්‍රහාරක යානයක් එෆ්-16 ප්‍රහාරක යානා යොදාගෙන බිම හෙලූ බවයි.

ලටාකියා ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකට එම යානය කඩා වැටෙන ආකාරය දැක්වෙන ඡායාරූප හා වීඩියෝ දසුන් දැකිය හැකිය.








මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 8361420873961726329

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item