රාජිත එදා සිට මට වෛර කරනවා - විජයදාස රාජපක්‍ෂ

ඇමැති රාජිත සේනාරත්න තමා සමඟ වෛර බැඳ සිටින්නේ අද ඊයේ සිට නොවන බවත් කල් ඉකුත් වූ බාල ඖෂධ ගෙන්වා අධිකරණයේ වරදකරුවකු වී මන්ත්‍රී ධුරය අහෝසි ...

ඇමැති රාජිත සේනාරත්න තමා සමඟ වෛර බැඳ සිටින්නේ අද ඊයේ සිට නොවන බවත් කල් ඉකුත් වූ බාල ඖෂධ ගෙන්වා අධිකරණයේ වරදකරුවකු වී මන්ත්‍රී ධුරය අහෝසි වූ දා සිට මෙලෙස වෛර බැඳ සිටින බවත් අධිකරණ හා බුද්ධශාසන ඇමැති නීතිඥ විජයදාස රාජපක්‍ෂ පැවසීය. රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සිටි කාලයේදී කල් ඉකුත් වූ බාල දන්ත ඖෂධ ගෙන්වා ඒ පිළිබඳ අධිකරණයේ විභාග වූ නඩුවකින් වරදකරු වූ බවත් ඒ අවස්‌ථාවේ මන්ත්‍රී ධුරයද අහිමි වූ බවත් විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයා කියා සිටී.

ත්‍රිවිධ හමුදාවට හා ඔසුසලට බාල කල් ඉකුත් වූ ඖෂධ ලබාදී දූෂිතයකු ලෙස වරදකරුවකු වූ මෙරට පළමු හා එකම මන්ත්‍රීවරයා දැන් ඇවන්ගාඩ් සිද්ධියකට තමාට එරෙහිව බොරු අවලාද නඟන බවද රාජපක්‍ෂ ඇමැතිවරයා පවසයි.

අනෙක්‌ අයට හොරා කියා ලේබල් අලවන රාජිත සේනාරත්න සම කැබිනට්‌ ප්‍රකාශක ලෙස පත්කිරීම ල-ජාවට කරුණක්‌ බවද මුළු ලෝකයම කැබිනට්‌ ප්‍රකාශකගේ ප්‍රකාශ දෙස බලා සිටින බවද රාජපක්‍ෂ ඇමැතිවරයා කියා සිටී.

මෙලෙස වාචාල ලෙස බොරු අවලාද නගන අයකු කැබිනට්‌ ප්‍රකාශක ලෙස තබාගෙන කටයුතු කළහොත් ආණ්‌ඩුවට එහි ප්‍රතිඵල බුක්‌ති විඳින්නට වැඩි කාලයක්‌ ගත නොවන බවද ඇමැති විජයදාස රාජපක්‍ෂ තමාට එරෙහිව නගන චෝදනාවලට පිළිතුරු දෙමින් කියා සිටියේය.

තමා දේශපාලනයෙන් සත පහක්‌ හම්බ නොකළ බවත් එසේ තිබියදී මෙලෙස අවලාද නැගීම බලා සිටිය නොහැකි බවත් ඇමැතිවරයා පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5164913919473037228

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item