බලශක්ති සංරක්ෂණය වෙනුවෙන් සෑම ආයතනයක් සඳහාම බලශක්ති කළමණාකරුවන්

"අපි මේ වනවිට 98%ක් සඳහා විදුලිය සපයලා තිබෙනවා. ඒ වගේම ඉදිරි මාස කිහිපය තුළ සමස්ත ලංකාවම විදුලියෙන් ඒකාලෝක කිරීමට සැලසුම් සකස් කරමින...

"අපි මේ වනවිට 98%ක් සඳහා විදුලිය සපයලා තිබෙනවා. ඒ වගේම ඉදිරි මාස කිහිපය තුළ සමස්ත ලංකාවම විදුලියෙන් ඒකාලෝක කිරීමට සැලසුම් සකස් කරමින් පවතිනවා. දෛනිකව ඉහල යන විදුලිබල ඉල්ලූම සපුරාලීම වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වෙත අනුගත වීම වගේම බලශක්ති සංරක්ෂණය වෙත යොමුවීමත් ඉතාමත් වැදගත් වෙනවා. ආයතන මට්ටමෙන් විදුලිබල සංරක්ෂණය සිදුකිරීම සඳහා ඉදිරියේදී සෑම ආයතනයක් සඳහාම බලශක්ති කළමනාකරුවෙක් පත්කිරීමට පියවර ගන්නවා" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය. මෙම අදහස් පළකළේ පසුගියදා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමිනි. මෙහිදී සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡුාවකට සහභාවී වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා, ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘතීන් පිළිබඳව අදාළ නිලධාරීන්ට උපදෙස් සපයන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය ...

"වැඩිවන විදුලි ඉල්ලූමට සරිලන සැපයුමක් වෙනුවෙන් අළුතෙන් බලාගාර ස්ථාපිත කරනවා වගේම, උත්පාදනය කරන විදුලිය සම්පේ‍්‍රෂණයේදී, බෙදාහැරීමේදී මෙන්ම පරිභෝජනයේදීද සංරක්ෂණය කළ යුතුයි. ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමේ සහ පෙළඹවීමේ ක‍්‍රියාමාර්ගයන් අනුගමනය කළ යුතුයි. මේ වනවිට ආසියාවේ 24 පැයම අඛණ්ඩව විදුලිය සපයන එකම රට බවට ශ‍්‍රී ලංකාව පත්වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී සමස්ත රටටම අඛණ්ඩව මෙන්ම ගුණාත්මක විදුලි සැපයුමක් අවම මිලක් යටතේ සපයන එකම රට බවට ශ‍්‍රී ලංකාව පත්කිරීමට බලශක්ති සංරක්ෂණය තුළින් පියවර ගතයුතු" යැයි පැවසීය.

මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6184407084261064184

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item