සෝභිත හිමිගේ දැයෙන් සමුගත් මොහොත [PHOTOS]

අපවත් වී වදාළ කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් අද (12) දැයෙන් සමුගත්තා. දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (12...

අපවත් වී වදාළ කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් අද (12) දැයෙන් සමුගත්තා. දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (12) පස්වරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණයේදීයි. ඒ, පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි. 

කලක් රෝගාතුරව සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් ඉකුත් 08 වෙනිදා අලුයම අපවත් වූයේ සිංගප්පූරුවේ රෝහලකදීයි. 

ආදාහන පූජෝත්සවය සඳහා හත්දහසකට ආසන්න භික්ෂූන් වහන්සේ මෙන්ම දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියා. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද ඒ අතරට අයත්.

අන්‍යාගමික පූජකවරුන්, ත‍්‍රිවිධ හමුදාපතිවරුන් ප‍්‍රමුඛ ආරක්ෂක අංශ සාමාජිකයින්, තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද ආදාහන පූජෝත්සවයට පැමිණ සිටියා. රැස්ව සිටි පිරිස පංච සීලයේ පිහිටුවමින් අනුශාසනාවක් සිදුකළේ කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් විසින්. 



















මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2807838018679971064

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item