මහින්ද වෙනුවෙන් රට පුරා උත්සව [PHOTOS]

මහින්ද රාජපක්ෂ මහතාගේ 70 වන ජන්ම දිනය වෙනුවෙන් අද (18) දිනය පුරා ආගමික උත්සව රැසක් සංවිධානය කර තිබුණා. අද පස්වරුවේ අනුරාධපුර ජය ශ්‍රී ම...

මහින්ද රාජපක්ෂ මහතාගේ 70 වන ජන්ම දිනය වෙනුවෙන් අද (18) දිනය පුරා ආගමික උත්සව රැසක් සංවිධානය කර තිබුණා.

අද පස්වරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස විශේෂ ආගමික උත්සවයක් සංවිධානය කර තිබුණේද ඒ හේතුවෙනි.

මෙම අවස්ථාවන් සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා, නාමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වී තිබෙනවා.

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද අලුයම කිරිඅම්මාවරුන් වෙනුවෙන් දානමය පිංකමක් පැවති අතර ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා වැල්ලවත්ත හින්දු කෝවිල වෙත ගොස් එහි ආගමික වතාවත්වලට ද එක්වුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පස්වරු 6.00 ට රුවන්වැලි සෑරදුන් අභියස පැවැත්වෙන අසූහාරදහසේ පහන් පූජාවට ද එක්වීමට කටයුතු යොදා තිබුණා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9079614300246871838

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item