'රුසියානු නියමුවා' බිහිසුණු අත්දැකීම හෙළි කරයි(VIDEO)

හමුදාවන්ගේ ප්‍රහාරයට ලක් වූ රුසියානු ප්‍රහාරක යානයේ සිට දිවි බේරාගත් නියමුවා රුසියානු රූපවාහිනි නාලිකාවක් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිඛෙන...

හමුදාවන්ගේ ප්‍රහාරයට ලක් වූ රුසියානු ප්‍රහාරක යානයේ සිට දිවි බේරාගත් නියමුවා රුසියානු රූපවාහිනි නාලිකාවක් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිඛෙනවා.ඔහු කියාසිටියේ තුර්කිය ප්‍රකාශ කරන පරිදි සිය යානය එරට ගුවන් කලාපයට ඇතුළු නොවූ බවයි.ප්‍රහාරයට පෙර අවස්ථා දහයකදී අනතුරු ඇගවීම් සිදුකළ බවට තුර්කිය කරන ප්‍රකාශද මෙහිදී ප්‍රතිෙක‍ෂ්ප කෙරුණා.අදාළ යානයේ නියමුවන් දෙදෙනෙකු ගමන් කර ඇති අතර යානය පුපුරායාමට පෙර ඔවුන් දෙදෙනා එයින් ඉවතට පැන තිඛෙනවා.පැරෂුට් මගින් භූමියට ළගාවෙමින් සිටියදී භූමියේ පිරිස් මෙම නියමුවන්ට වෙඩි තබා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.ඒ බව දැක්වෙන වීඩියෝවක්ද අන්තර් ජාලයේ හුවමාරුවෙමින් තිඛෙනවා. මෙම වෙඩි තැබීම්වලින් එක් නියමුවෙකු මියගිය අතර ඔහුගේ සිරුර තවමත් සොයාගෙන නැහැ.මේ අතර ප්‍රහාරයට ලක්වූ යානයේ නියමුවන් බේරා ගැනීමට ගිය රුසියානු හෙලිකොප්ටරයකටද තුර්කි හමුදාවන් විසින් වෙඩි තබා ඇතැයි සඳහන්. එම යානයේ නියමුවෙකුද මිය ගොස් ඇතැයි විදෙස් වාර්තා කියාසිටියා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 2891452542738028092

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item