වැඩි ඡන්ද 109කින් අයවැය සම්මතයි
මුදල් ඇමති රවී කරුණානායක ඉදිරිපත් කළ 2016 අය වැය තෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 109කින් සම්මත විය.අයවැයට පක්ෂව ඡන්ද 160ක් ලැබුණු අතර විරුද්ධව ...
http://www.sathhanda.com/2015/12/109.html
මුදල් ඇමති රවී කරුණානායක ඉදිරිපත් කළ 2016 අය වැය තෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 109කින් සම්මත විය.අයවැයට පක්ෂව ඡන්ද 160ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 51ක් පමණි.ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය දුන් අතර දෙමළ ජාතික සන්ධානය අය වැයට පක්ෂව ඡන්දය දුන්නේය.මන්ත්‍රීවරු 13 දෙනෙක් ඡන්ද විමසන අවස්ථාවේ සභා ලැබේ නොසිටියහ.ඒ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ගීතා කුමාරසිංහ සහ මනූෂ නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සිටිති.අය වැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර මෙවර එය එක් ඡන්දයකින් වැඩි වී තිබේ.
Related