අයවැය වෙනස මිලියන 15000 යි බඩු කිහිපයක මිල ළගදීම ඉහළට!

අය වැයට සිදු කළ සංශෝධන නිසා 2016 රාජ්‍ය අය වැය ලේඛනයේ මුල් අය වැය ඇස්‌තමේන්තුවල රු. මිලියන 15,000 ක පමණ වෙනසක්‌ සිදුවනු ඇතැයි මුදල් අමාත්‍ය...

අය වැයට සිදු කළ සංශෝධන නිසා 2016 රාජ්‍ය අය වැය ලේඛනයේ මුල් අය වැය ඇස්‌තමේන්තුවල රු. මිලියන 15,000 ක පමණ වෙනසක්‌ සිදුවනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා (දෙසැම්බර් 14 දින) පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශයෙන් සහ ඊට පෙර විවිධ අවස්‌ථාවල සිදුකළ සංශෝධන නිසා රාජ්‍ය අය වැයේ ආදායම් සහ වියදම් ඇස්‌තමේන්තුවල වෙනස්‌කම් සිදුව ඇති අතර ඒ පිළිබඳ සංශෝධිත ඇස්‌තමේන්තු සැකසීම මුදල් අමාත්‍යාංශය විසින් සිදු කරගෙන යයි.

ඒ අනුව මේ වන විට රු. මිලියන 15000 ක පමණ වෙනසක්‌ අයවැය ඇස්‌තමේන්තුවල සිදුවනු ඇති බවට පෙනී ගොස්‌ ඇති අතර එම හිඟය පියවා ගැනීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග වෙත යොමුවීමේ අභියෝගයට මුදල් අමාත්‍යාංශය මුහුණදී සිටින බවද එම ආරංචි මාර්ගවලින් දැන ගන්නට තිබේ.

පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් මුදල් ඇමැති රවි කරුණානායක කීවේ අගමැතිවරයාගේ අය වැය සංශෝධන නිසා සිදුව ඇති වෙනස පියවා ගන්නා ආකාරය 19 දින පාර්ලිමේන්තුවේදී හෙළි කරන බවයි.

තත්ත්වය එසේ වුවත් ජනාධිපතිවරයා තවදුරටත් අයවැය යෝජනාවල සංශෝධන සිදු කරන්නැයි උපදෙස්‌ ලබාදුන හොත් එම සංශෝධිත ඇස්‌තමේන්තුද තවදුරටත් වෙනස්‌ කිරීමට සිදුවනු ඇතැයිද ඔහු කීවේය.

මෙසේ අය වැය ඇස්‌තමේන්තු වෙනස්‌ කිරීමෙන් ලබන වසරේ (2016) සමස්‌ත අයවැය හිඟය ඉහළ ගොස්‌ වැඩියෙන් ණය ගැනීමට සිදුවනු ඇතැයිද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් තවදුරටත් ''දිවයින ඉරිදා සංග්‍රහය''ට වාර්තාවේ.

මේ අතර 2016 රජයේ අය වැය යෝජනා වලින් කිහිපයක්‌ යළි සංශෝධනය කිරීම හේතුවෙන් රජයට අහිමිවී යන ආදායම් පියවා ගැනීම සඳහා ඉන්ධන මිල හා මත්පැන් මිල ඉහළ දැමීම ඇතුළු යෝජනා කිහිපයක්‌ ගැන මුදල් අමාත්‍යාංශය සාකච්ඡා කරමින් සිටින බව ''දිවයින ඉරිදා සංග්‍රහය''ට වාර්තාවේ.

මුදල් ඇමැති රවි කරුණානායක මහතා, මුදල් අමාත්‍යාංශයේ හා භාණ්‌ඩාගාරයේ උසස්‌ නිලධාරීන් සමග මෙම අහිමිවූ ආදායම් පියවා ගැනීම පිළිබඳව 17 සහ 18 දිනවල දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූ බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. ME JANATHADROHEE AANDUWA MOKAKDA ME NATANA NAADAGAMA. AYA WAYA YOJANA WENAS UNANAM EKA PIYAWA GANNA HATI AYA WAYA AWASN CHANDAYATA ISSARA RATATA PRAKASHA KALA YUTHUYI. EHEMA NOKARA MUN KIYANAWA PASSE BADU GANAN WADI KARANAWALU.
    API KELINMA AHANNE RANILGENUYI WAIRAPAALAGENUYI THOPI DANNAWAYI KIYOO MAHA ARTHIKA KALAMANAAKARANAYA MEKADA. THOPI EOKKOTAMA HENA HATHA WADINNA ONE KIYALA SAAPA KARANAWA MISAK WENA MOKAKDA APITA DAN KARANNA PULUWAN THOPITA CHANDE DUNNA AYA HATIYATA.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 4313060020403837822

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item