රජයේ පශු වෛද්‍යවරුන් අද (17) සිට වැඩවර්ජනයක

රජයේ පශු වෛද්‍යවරුන් අද (17) සිට වැඩවර්ජනයක නිරත වනවා. ඊට හේතු දක්වන රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති පශූ වෛද්‍ය කීර්ති කුමාර පවස...

රජයේ පශු වෛද්‍යවරුන් අද (17) සිට වැඩවර්ජනයක නිරත වනවා.

ඊට හේතු දක්වන රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති පශූ වෛද්‍ය කීර්ති කුමාර පවසන්නේ සේවා ව්‍යවස්ථාව උල්ලංගනය වෙන පරිදි අධ්‍යක්ෂ තනතුරු සඳහා ලකුණු ක්‍රමය සකස් කිරීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ග ගත් බවයි.

ඉකුත් මාස 05 ක කාලය තුළදී ද අමාත්‍යාංශ ලේකම්ගෙන් සහ අමාත්‍යවරයාගෙන් මේ පිළිබඳව ඉල්ලීම් කළත් ඉන් සාධාරණයක් නොවූ බවයි හෙතෙම වැඩි දුරටත් පැවසුවේ.

කෙසේවෙතත් මෙම වැඩවර්ජනය නිසා අඩාල විය හැකි සේවා වන්නේ දිස්ත්‍රික් මට්ටමින් පවතින පශු විමර්ශන කාර්යාල සේවා, කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඇති සත්ත්ව නිරෝධායන ආයතනික සේවා කටයුතුයි.

මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් තමන් ග‍්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කල් ඇතිව දැනුවත් කළ බවද පශු වෛද්‍ය කීර්ති කුමාර කියාසිිටියා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3518549239247537339

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item