මාතලේ සමූහ මිනීවළ 1950 ට පෙර එකක්‌ලු

මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහල් භූමියෙන් සොයා ගත් සමූහ මිනීවළ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය පිරිසගේ නිරීක්‍ෂණයට ලක්‌විය. මෙම කණ්‌ඩායම ...

මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහල් භූමියෙන් සොයා ගත් සමූහ මිනීවළ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය පිරිසගේ නිරීක්‍ෂණයට ලක්‌විය. මෙම කණ්‌ඩායම විසින් සමූහ මිනීවළ පිළිබඳව කළ නිරීක්‍ෂණයන් සමඟ යළි කථාබහ ආන්දෝලනයට ලක්‌ වෙමින් පවතී.

දේශීය/විදේශීය මහත් ආන්දෝලනයට පත් වූ මාතලේ සමූහ මිනීවළෙන් මිනිස්‌ අස්‌ථි කොටස්‌ 154ක්‌, ලෝහ මුදු, අඟුරු කැබලි කොටස්‌ සිදු කළ කැණීම්වලදී සොයා ගැනිණි.

ජීව වායු ඒකකයක්‌ ඉදිකිරීමට කළ කැණීමකදී සමූහ මිනීවළ මතුවිය. මාතලේ මහෙස්‌ත්‍රාත් අධිකරණ නියෝග මත මෙහි කැණීම් කටයුතු ආරම්භ කළ අතර එවකට මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් අධ්‍යයන අංශයේ මහාචාර්ය රාඡ් සෝමදේව යන මහත්වරුන් ප්‍රමුඛ විශේෂඥ කණ්‌ඩායමක්‌ මෙහි කැණීම් කටයුතු සිදු කළහ.

කළ කැණිම්වලදී හමු වූ මානව අස්‌ථි කොටස්‌ සහ සෙසු කොටස්‌ අනුව 1988/89 වකවානුවේදී ඝාතනයට ලක්‌වූවන්ගේ අස්‌ථි කොටස්‌ බවට මෙම විශේෂඥයන් විසින් මත පළ කළ අතර අධිකරණ නියෝග අනුව ඇමරිකාවේ ප්ලෝරීඩා ප්‍රාන්තයේ රසායනාගාරයකින් කාලනිර්ණ වාර්තාවක්‌ අධිකරණය කැඳවනු ලැබීය.

එම වාර්තාවට අනුව මෙම සමූහ මිනීවල 1950 ට පෙර ඒවා බවට වාර්තා කර තිබිණි. 2012 වසරේ නොවැම්බර් මස 23 දින මෙම සමූහ මිනීවළ සොයා ගැනිණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6359426035588163467

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item