ගිවිසුම අවලංගු කළොත් රජය ඇවන්ගාඩ් සමාගමට ඩොලර් මිලියන 40,000 ක්‌ ගෙවිය යුතුයි - ඇවන්ගාඩ් හිටපු වාණිජ්‍ය නෞකා කළමනාකරු

ඇවන්ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව හා ව්‍යාපාරික කටයුතු නාවික හමුදාවට බාර දී ඇතත් රජය හා ඇවන්ගාඩ් සමාගම අතර ඇති ගිවිසුම අවලංගු කර නැති ...

ඇවන්ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව හා ව්‍යාපාරික කටයුතු නාවික හමුදාවට බාර දී ඇතත් රජය හා ඇවන්ගාඩ් සමාගම අතර ඇති ගිවිසුම අවලංගු කර නැති බවත් එම ගිවිසුම ඒකපාර්ශ්වීයව අවලංගු කරන්නේ නම් රජය ඇවන්ගාඩ් සමාගමට ඩොලර් මිලියන 40,000 ක්‌ ගෙවිය යුතු බව එම සමාගමේ හිටපු වාණිජ්‍ය නෞකා මෙහෙයුම් ජ්‍යෙෂ්ඨ කළමනාකරු විශ්‍රාමික ලුතිනන් කර්නල් නිලන්ත ජයවීර සඳහන් කරයි. 

ඇවන්ගාඩ් සමාගම රජය සමග ගිවිසුම් අත්සන් කරලා දෙපාර්ශ්වයටම එකඟ වී තිබෙනවා. යම් පාර්ශ්වයක්‌ තනි තීරණයකට එයින් ඉවත් වනවා නම් ඒ අය අනෙක්‌ පාර්ශ්වයට රුපියල් මිලියන 40,000 ක්‌ ගෙවන්න ඕනේ. අපි ගිවිසුම ප්‍රකාරව කටයුතු කළත් රජය ඒ ගිවිසුම කඩ කරලා තියෙනවා. නමුත් ඒ ගිවිසුම අහෝසි කරන්න රජය පියවර අරගෙන නෑ.

නාවික හමුදාවට මෙම සමාගමේ කටයුතු පවරලා පෙරේදාට (14දා) මාසයක්‌ ගත වෙනවා. මේ නිසා 6754 ක ගේ රැකියා අහිමි වෙලා. ඒ වාගේම සෘජු හා වක්‍ර ආදායම් බොහොමයක්‌ නැවතිලා. මේ නිසා විශාල පිරිසක්‌ අසරණ තත්ත්වයට පත් වෙලා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5531382899834570251

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item