රෝහල් සේවකයන් ආයෙත් වැඩ වර්ජනයකට

මෙවර අයවැය මගින් වැඩකරන ජනතාව වෙනුවෙන් ගෙන තිබෙන අහිතකර යෝජනා වහාම සංශෝධනය කරන ලෙස රජයට බල කිරීම සදහා එළඹෙන සතියේ අගහරුවාදා (15) උදෑෂන 8....

මෙවර අයවැය මගින් වැඩකරන ජනතාව වෙනුවෙන් ගෙන තිබෙන අහිතකර යෝජනා වහාම සංශෝධනය කරන ලෙස රජයට බල කිරීම සදහා එළඹෙන සතියේ අගහරුවාදා (15) උදෑෂන 8.00සිට දිවයින පුරා රෝහල්වල සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති කමිටුව සඳහන් කරයි. මෙම වැඩවර්ජනය සඳහා හෙද සේවාව, පරිපූරක වෛද්‍ය සේවාව, අතුරු වෛද්‍ය සේවාව, ඖෂධ සංයෝජකයින්, කළමනාකරණ සහකාර, ආහාර නිරීක්ෂිකා, වාට්ටු ලිපිකරු, රියැදුරු, රසායනාගාර සහයක ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 24කට අයත් නියෝජිතයින් 50000කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතයි.

අතුරු වෛද්‍ය සේවාව, ඖෂධ සංයෝජකයින්, කළමනාකරණ සහකාර, ආහාර නිරීක්ෂිකා, වාට්ටු ලිපිකරු, රියැදුරු, රසායනාගාර සහයක ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 24කට අයත් නියෝජිතයින් 50000කට අධික පිරිසක් සහභාගි වීමට නියමිත බව කමිටුවේ කැඳවුම්කරු අජිත් පී. තිලකරත්න මහතා සඳහන් කළේය.

රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුපට ආණ්ඩුව පෙරොන්දු වූ රු. 10000ක මුදල එක් නොකිරීම, රාජ්‍ය සේවක වැටුප වසර 2016 සිට අහෝසි කිරීම, අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ විශ්‍රාම රාජ්‍ය සේවකයින් සඳහා ලබා නොදීම, සෞඛ්‍ය නේවාසිකාගාර කළමනාකරණය පෞද්ගලික අංශයට පැවරීම, ස්ථීර කිරීමේ කාලය දින 180 සිට 365 දක්වා වැඩි කිරීම හා පැය 8 වැඩ දිනය වෙනස් කිරීම සංශෝධනය කළ යෝජනා අතර වන බවද තිලකරත්න මහතා පැවැසීය.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් තුළ ඖෂධ නිකුත් කිරීම, භෞත හා වෘත්තීය චිකිත්සක කටයුතු සිදු කිරීම, රසායනාගාර පරීක්ෂණ කටයුතු හා සාත්තු සේවා කටයුතු මුළුමනින්ම නතර වෙන බවද හෙතෙම පැවැසීය. මානුෂීය පදනම මත රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල, ද සොයිසා කාන්තා රෝහල, පේරාදෙණිය ළමා රෝහල, සහ මහරගම පිළිකා රෝහල තුළ පමණක් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවද කමිටුව අවධාරණය කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5161892221071762421

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item