මීළඟ ඊළාම් ගින්නේ පළමු ගිනිකූර සෙන්දුරන්ද?

දැන් සියල්ල සිදුවී අවසන්ය. සමහරු එය සහජීවනයේ, සාධාරණත්වයේ සහ අෙන්‍යාන්‍ය සබැඳියාවේ ආතල් එක ලෙසද දකින්නාහ. නමුත් ඒ ටිකිරි සිහින අතරේ හතර අ...

දැන් සියල්ල සිදුවී අවසන්ය. සමහරු එය සහජීවනයේ, සාධාරණත්වයේ සහ අෙන්‍යාන්‍ය සබැඳියාවේ ආතල් එක ලෙසද දකින්නාහ. නමුත් ඒ ටිකිරි සිහින අතරේ හතර අතින් පෙනෙන්නට ඇත්තේ බෙදුම්වාදයේ අඳුරු වළාවන්ය. යළිත් මුරුගසන් වර්ෂාවක්‌ ඇද හැලෙන්නට ආසන්නදැයි යන භීතියෙන් රටේ ජන හදවත් ගිනියම් වී ඇත. 

එසේ වීමට හේතු වන කරුණු කාරණා ද බොහෝමයකි. එකී බොහෝමය අතරිනුත් ඉකුත් සතියේ යාපනයේදී සිදුවූ සෙන්දුරන්ගේ සියදිවි නසා ගැනීම මේ මොහොතේ ප්‍රධාන තැනක ඇත.

යාපනය කොකුවිල් හින්දු විද්‍යාලයේ උසස්‌ පෙළ අධ්‍යාපනය හදාරමින් සිටි දහඅට හැවිරිදි රාඡේෂ්වරන් සෙන්දුරන් සිය ජීවිතය නසා ගන්නේ කුමකටද? එය තවමත් අභිරහසක්‌ව තිබෙන්නකි.

නමුත් දැනට ඇති කතාවට අනුව ඔහුට එසේ කිරීමට මානසික බිඳවැටීමක්‌ හෝ කිසියම් පෞද්ගලික ප්‍රශ්නයක්‌ තිබී නැත. හේ එල්ටීටීඊයේ ඊනියා මහවිරු දිනයට පෙරදා එනම් ඉකුත් 26 වැනිදා දහවල් පාසල නිමවී නිවසට එන අතරවාරයේ පාසල් නිල ඇඳුමපිටින්ම දුම්රියකට පනිනුයේ බන්ධනාගාරගත කොටි ත්‍රස්‌තවාදීන් නිදහස්‌ කරපල්ලායි ආණ්‌ඩුවට දැනුම් දෙමිනි.

ඒ බෙදුම්වාදී දෙමළ දේශපාලනය විසින් බිහිකළ සියදිවි නසාගන්නකු ලෙසිනි. කෙසේ වෙතත් දැන් සෙන්දුරන් මිය ගොස්‌ අවසන්ය. එහෙත් විකාර මනසකින් සිදු කරගනු ලැබූ ඔහුගේ අකාල මරණය හමුවේ මේ වන විට සිදු වෙමින් තිබෙන්නේ කුමක්‌ද?

මේ එළඹ ඇත්තේ බෙදුම්වාදී දෙමළ දේශපාලනය විසින් දිවිනසා ගත් සෙන්දුරන්ගේ ආත්මය ගෙන සිය තුට්‌ටු දෙකේ අරමුණු වෙනුවෙන් අලෙවි කිරීමේ මොහොතය. උඩින් සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කරන අතරේ එහිදී ඔවුහු ඉතාම සූක්‍ෂම ලෙස බෙදුම්වාදයට අදාළ ත්‍රස්‌තවාදයේ භීෂණය රටට පෙන්වමින් සිටින්නාහ. 

එසේ සෙන්දුරන්ගේ ආත්මය අලෙවි කරනු ලබන දෙමළ දේශපාලනයට අනුව ඉකුත් සතියේ උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති පී. අයින්ගරනේෂන් නිවේදනයක්‌ නිකුත් කරමින් ආණ්‌ඩුවට ඇඟිල්ල දික්‌ කර තිබුණේ මෙලෙසිනි.

"පාලක පාර්ශ්වයත්, දේශපාලනඥයනුත් සෙන්දුරන්ගේ ජීවිතයට පිළිතුරු දිය යුතුය. අඛණ්‌ඩව මුලාවටත්, අප්‍රසාදයටත්, කපටිකම්වලටත් ලක්‌ව සිටින අපගේ තරුණ ප්‍රජාව නැවත ප්‍රචණ්‌ඩකාරී මාවත දෙසට ගමන් කරන බව සියලු පාර්ශ්ව තේරුම්ගත යුතුය. 

"දුක්‌ වේදනාවන් සමගින් ජීවත් වන දෙමළ ප්‍රජාව තම විමුක්‌තිය වෙනුවෙන් සටන් කර මියගිය විරුවන් සිහි කරන මහවිරු සතියේදී හදවත් කම්පා කරන අයුරින් කොකුවිල් හින්දු විදුහලේ රාඡේෂ්වරන් සෙන්දුරන් සිසුවා මරණයකට පත්විය.

"දෙමළ ජාතියේ විමුක්‌ති සටන හමුවේ 40000 ට වැඩි පිරිසක්‌ ජීවිත පරිත්‍යාග කර ඇති අතර තාරුණ්‍යයේ සිහින අතරමග බිඳ වැටී ඇත. එම ශෝකාන්තයේ අඛණ්‌ඩ කතාව ලෙස අද සෙන්දුරන්ද ජීවිතය අහිමි කරගෙන ඇත.."

උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති පී. අයින්ගරනේෂන් මේ නොකියා කියන්නේ කුමක්‌ද? සෙන්දුරන්ගේ සියදිවි නසා ගැනීම ඊනියා වීර මරණයක්‌ කිරීමට උත්සාහ ගන්නා ඔහු මෙහිදී උතුරේ තාරුණ්‍යය නැවත ප්‍රචණ්‌ඩකාරීත්වය හෙවත් ත්‍රස්‌තවාදය දෙසට ගමන් කරන බව කියා නොසිටින්නේද?

එහෙත් සෙන්දුරන්ගේ මරණය ගෙන උතුරු පළාත් කෘෂිකර්ම ඇමැතිවරයා එතරම් දුර යන්නේ කුමකටද යන්න අපැහැදිලි කරුණකි. නමුත් එකී අපැහැදිලි බව තුළ ඇත්තේ සෙන්දුරන්ට ජීවිතය අහිමි කළ වත්මන් බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ කුහකත්වය බව නම් පැහැදිලිය?

මෙකී කුහක දේශපාලනය තුළ විකෘති වන්නේ උතුරේ ජනමනසය. බෙදුම්වාදය යන්න ඔවුන්ගේ ඇට මස්‌ නහර දක්‌වාම කාවදින්නේය. ඒ හමුවේ ආණ්‌ඩුව අද කියන සහජීවනයේ සහ සහෝදරත්වයේ ගමන යා හැකි වේද? ජාත්‍යන්තරයේ බහට ප්‍රජාතන්ත්‍රවාදයේ සුපර් ස්‌ටාර්ලා වී සියල්ල පුදන්නට පෙර ආණ්‌ඩුව ඒ පිළිබඳව ගැඹුරින් කල්පනා කළ යුතුය. 

සෙන්දුරන්ගේ මරණයත් සමග ඉකුත් සතියේ ජාත්‍යන්තර ඊළාම් දෙමළ ජනතා සංසදය නමැති සංවිධානයක්‌ මගින්ද නිවේදනයක්‌ නිකුත් කර තිබිණි. "පදිව්" දෙමළ වෙඩ් අඩවියේ පළ වී තිබූ එකී නිවේදනයේ සඳහන්ව තිබුණේ මෙවැන්නකි. 

"කිසිදු නඩු විභාගයක්‌ නොමැතිව දීර්ඝ කාලයක්‌ සිරගත කර සිටින දේශපාලන රැඳවියන් (කොටි ත්‍රස්‌තයන්) නිදහස්‌ කරන ලෙස ඉල්ලා සෙන්දුරන් දුම්රියකට පැන සියදිවි නසා ගැනීම පිළිබඳ අසා අපි වේදනාවට පත් වුණෙමු..

"සාධාරණව අපට ලබාදිය යුතු අයිතීන් අවිහිංසාවාදීව ඉල්ලා සිටි අවස්‌ථාවන්හි සිංහල ජාතිවාදීන්ගේ ඝාතන මගින් පිළිතුරු දුන් සිංහල රජයන්ට ප්‍රතිපිළිතුරක්‌ ලබා දීමක්‌ ලෙස දෙමළ තරුණයන් සන්නද්ධ සටන ආරම්භ කරන ලදී.. 

"කාලයෙන් කාලයට බලයට පත්වූ සිංහල රජයන් විසින් සිදු කළ දෙමළ ජාති ඝාතනයෙන් පීඩාවට පත්වූ දෙමළ තරුණ තරුණියන් සන්නද්ධ සටනට සම්බන්ධ වී තම විරෝධී හැඟීම් උතුම් මෙහෙවර හරහා පෙන්වා තිබිණි..

"දශක හතරක කාලයක්‌ පුරා පැවති විමුක්‌ති සටන මුල්ලිවයික්‌කාල්වලින් නිහඬ කළ පසු දමිළයන් වන අප අනාථයන් බවට පත්වූයෙමු. එපමණක්‌ නොව සිංහල බෞද්ධ ජාතිවාදී රජය අඛණ්‌ඩව අපව මුලාවට පත් කරමින් සිටින අවස්‌ථාවකදී එය ඉවසා ගැනීමට නොහැකි ප්‍රජාවක්‌ සිටින බව සෙන්දුරන්ගේ මරණය අපට පෙන්වා දී තිබේ.."

ජාත්‍යන්තර ඊළාම් දෙමළ ජනතා සංසදය නමැති සංවිධානය මගින් සෙන්දුරන්ගේ මරණය ගෙන එල්ටීටීඊ ත්‍රස්‌තවාදයද සාධාරණීකරණය කරමින් 

මේ සිදු කර ඇත්තේද මෙරට දෙමළ ජනමනස වෛරයේ විකෘතියට පත් කිරීමකි. එහිදී ඔවුන් සියල්ල පිදීමට සැරසෙන යහපාලන රජයට ජාතිවාදී ලේබලය අළවා අපූරු සහතිකයක්‌ද දී ඇත.

මේ අතරේ ඉකුත් 26 වැනිදා හෙවත් සෙන්දුරන් දෙමළ බෙදුම්වාදී දේශපාලනයේ ගොදුරක්‌ ලෙස දුම්රියට පැන දිවිනසා ගත් දා පාර්ලිමේන්තුවේ පැවති අය-වැය සිව්වන දින විවාදයේදී දෙමළ ජාතික සන්ධනායේ වන්නි දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රි චාල්ස්‌ නිමලදාසන් මහතාද සෙන්දුරන් පිළිබඳ කතා කරමින් ඔහුට ගරුබුහුමන් දක්‌වා තිබුණි.

"දෙමළ දේශපාලන රැඳවියන්ට පොදු සමාවක්‌a ලබා දී නිදහස්‌ කරන ලෙස ඉල්ලා සිටිමින් ලිපියක්‌ ලියා තබා යාපනය කොකුවිල් හින්දු විදුහලේ සිසුවකු දුම්රියට පැන සියදිවි නසා ගෙන ඇත. මෙම උත්තරීතර සභාවේදී එම සිසුවාට මාගේ ගෞරවය පුද කරන්නෙමි" යනුවෙන් නිමලදාසන් මහතා එහිදී ප්‍රකාශ කරනු ලැබිණි.

ඔහුගේ එම ප්‍රකාශය තුළින්ද පැහැදිලිවම සිදු කෙරුණේ යාපනයේදී කෝච්චියට පැන දිවි නසාගත් සෙන්දුරන්ට වීරත්වයක්‌ ආරෝපණය කිරීමකි. එය තවත් සෙන්දුරන්ලාට පෙරට ඒමට අතවැනීමක්‌ නොවේද යන ප්‍රශ්නය මෙහිදී අපට මතුවේ.

මේ අන්දමින් ඉකුත් සතිය පුරාම සෙන්දුරන්ගේ මරණය ගෙන බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් සහ දෙස්‌ විදෙස්‌ සංවිධාන මෙන්ම බෙදුම්වාදයට කඩේ ගිය ෙද්‍රdaහීන් ඇතුළු විවිධ කණ්‌ඩායම් කරන ලද නොයෙකුත් ප්‍රකාශ දෙමළ වෙබ් අඩවි තුළ පළ වී තිබිණි. 

එකී සෑම ප්‍රකාශයක්‌ තුළින්ම උතුරේ දෙමළ තාරුණ්‍යයට නොකියා කියා තිබූ දේ බොහෝ විය. සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය මත දෙදණ තබා අලුයට ඇති ගින්දරට හුළං පිඹීම ඔවුහු අපූරුවට සිදු කරනු ලැබූහ.

වේලුපිල්ලේ ප්‍රභාකරන් නමැති මිනී මරුවා ජීවත්ව සිටියදී නොවැම්බර් 27 වැනිදා ඊනියා මහවිරු දිනයක්‌ ප්‍රකාශ කරනු ලැබුවේ එල්ටීටීඊයේ ප්‍රබලයන්ව සිටි තිලීපන්ට සහ වෛතිලංගම් සොරනාලිංගම් හෙවත් සන්කර්ට අත්වූ මරණයන් හමුවේය.

ප්‍රභාකරන්ගේ පළමුවැනි ඊළාම් සටනේදී නොකා නොබී උපවාස කරන්නට යැමෙන් තිලීපන් මරණයට පත්විය. තෙවන ඊළාම් සටන පැවති 2001 වසරේ සැප්තැම්බර් මස 26 වැනිදා වන්නි කැලය හරහා ඔඩ්ඩුසුඩාන් සිට පුදුකුඩිඉරිප්පු දක්‌වා ගමන් කරමින් සිටියදී යුද හමුදා දිගු දුර විහිදුම් බළකාය එල්ල කළ ක්‌ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් ශන්කර් මරු වැළඳ ගනු ලැබීය.

ප්‍රභාකරන් ඊනියා මහ විරු දිනය ප්‍රකාශයට පත් කරනුයේ එකී මරණයන්හි ශෝකය සමරන්නටය. තිලීපන්ගේ සහ තෙවැනි ඊළාම් සටනේදී මියගිය ශන්කර්ගේ මරණ සමග ප්‍රභාකරන් එසේ ඊනියා මහවිරු දිනයක්‌ ප්‍රකාශයට පත් කළා සේ අද බෙදුම්වාදී දෙමළ දේශපාලනය උතුරේ තාරුණ්‍යයට රහසේම විෂ පොවමින් සෙන්දුරන්ගේ මරණයට වීරත්වයක්‌ නොදෙමින් සිටින්නේද?

අපට එසේ විමසන්නට සිදුව ඇත්තේ මේ මොහොතේ සෙන්දුරන් නූතන "ශන්කර්" කෙනකු කරන්නට දෙමළ දේශපාලනය උත්සාහ දරණ බව පැහැදිලිවම පෙනී යමින් තිබෙන නිසාය. මේ අනුව ඉදිරියේදී කුමක්‌ සිදුවනු ඇතිද?

කුමක්‌ සිදු වුණත් දැන් ඒ පිළිබඳ සොයන්නටද කෙනකු නැති සේය. හමුදා බුද්ධි අංශද ඇත්තේ අඩපණ වී ගොසිනි. ඒ වත්මන් කැකිල්ලේ විමර්ශන හමුවේය. හමුදා කඳවුරු වෙත කඩා පනින රහස්‌ පොලිසිය බලු ඇට කටු මිනී ඇට කටු යෑයි කියා රස පරීක්‍ෂක වෙත යවන්නේය. කඳවුරු තුළ ඇති නීතිHනුකූල රථවාහන අත්අඩංගුවට ගන්නා පොලිසිය ඒවා පැහැරගත් වාහන යෑයි පවසා අධිකරණයට ගෙන යමින් සිටින්නේය.

වීරයෝ සිරගත වෙද්දී ජුදාස්‌ පරපුරේ තුට්‌ටු දෙකේ උන් වීරයන් සේ රඟන්නේය. ප්‍රභාකරන්ගේ තිස්‌වසරක ශාපය අවසන් කරන්නට රහසිගත මෙහෙයුම් සිදු කළා වූ බුද්ධි නිලධාරීහු දෙලොවක්‌ අතර අතරමංව අන්ත අසරණයන් වී සිටින්නාහ.

ඉතිං මේ මොහොතේ "අනාගතේ නුඹේ අතේ.. රට භාරයි නුඹට පුතේ" කියා මතු පරපුර ආමන්ත්‍රණය කරනු හැර නිවට වර්තමානයක ජීවත්වන අපට කරන්නට තව කිසිත් ඉතිරිව නැත. එහෙත් බරපතළම ගැටලුව මතුවන්නේ අද දවසේ සිදු වෙමින් තිබෙන දේ හමුවේ අනාගතයේ දවසක මේ රට වෙනුවෙන් මතු පරපුරක්‌ පෙරට ඒදැයි කල්පනා කිරීමේදී බව අවසන් වශයෙන් කාටත් පෙනෙන්නට ලියා තැබිය යුතුය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 321518169136958641

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item