විද්යුත් මෝටර් රථවලට බදු වැඩි කිරීම වැරදියි - අතුරලියේ රතන හිමි

මෙවර අයවැයෙන් විද්යුත් මෝටර් රථවල ආනයනික බදු වැඩි කිරීම වැරදි ප්‍රතිපත්තියක්‌ බවත් අප කළ යුත්තේ ඉදිරියේදී වැඩි වැඩියෙන් විද්යුත් මෝටර් රථ...

මෙවර අයවැයෙන් විද්යුත් මෝටර් රථවල ආනයනික බදු වැඩි කිරීම වැරදි ප්‍රතිපත්තියක්‌ බවත් අප කළ යුත්තේ ඉදිරියේදී වැඩි වැඩියෙන් විද්යුත් මෝටර් රථවලට ඉඩ ලබාදීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

අතුරලියේ රතන හිමියන් මේ බව පැවැසුවේ ඊයේ (15 දා) සෙමා කාර්යාලයේ "දේශගුණික විපර්යාස පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ පැරිස්‌ මහ සමුළුවේ තීරණ ශ්‍රී ලංකාවට බලපාන ආකාරය" සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය වැඩමුළුවේදීය. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රතන හිමියෝ,

"ඉලෙක්‌ටි්‍රක්‌ මෝටර් රථ වෙනුවෙන් ඉහළ දැමූ බද්ද අඩු කිරීම පිළිබඳව ආණ්‌ඩුව එකඟතාවකට ඇවිත් තිබෙනවා. අයවැයේ අවසන් ඡන්ද විමසීමට පෙර එය ප්‍රකාශයට පත් කරන්න අපිට හැකිවේවි. ගෝලීය උණුසුම ඉහළයැමෙන් ශ්‍රී ලංකාව සුරක්‍ෂිත කිරීමට නම් අප ඉදිරියේදී ෙµdසිල ඉන්ධන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුයි. නමුත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ බලශක්‌ති අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය වෙලා තිsයෙන්නෙ රට පුරා ගල්අඟුරු බලාගාර හදන එක. ගල් අඟුරු ප්‍රතිපත්තිය අපි වෙනස්‌ කරනවා. ඉංජිනේරු උපාධිය පාස්‌ කළ පමණින් නිලධාරීන් හත්අටදෙනකුට රටේ අනාගතය වෙනස්‌ කරන්න දෙන්න බැහැ. මේ නිලධාරීන් මෛත්‍රී පාලන ප්‍රතිපත්ති ප්‍රකාශයවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයවත් කියවලා නැහැ. මින්පස්‌සේ රටේ බලශක්‌ති ප්‍රතිපත්තිය හදන්න ඕනෑ රටේ අනාගතය සහ මනුෂ්‍ය සංහතියේ පැවැත්ම වෙනුවෙන්." යයි පැවසීය 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 655796831735905941

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item