බොදු බල සේනාවෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ආණ්‌ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දණ්‌ඩ නීති සංග්‍රහ හා අපරාධ නඩු විධාන සංග්‍රහ පනත් සංශෝධන පනත් කෙටුම්පත් තුළින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස...

ආණ්‌ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දණ්‌ඩ නීති සංග්‍රහ හා අපරාධ නඩු විධාන සංග්‍රහ පනත් සංශෝධන පනත් කෙටුම්පත් තුළින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ යෑයි සඳහන් කරමින් බොදු බල සේනා සංවිධානය විසින් ඊයේ (16 වැනිදා) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරනු ලැබිණි. අධිකරණ අමාත්‍යාංශ ලේකම්, පාර්ලිමේන්තුවේ මහලේකම් හා ජනාධිපති ලේකම්වරයා වගඋත්තරකරුවන් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. 

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර, ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද යන හිමිවරු ද ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා ඇතුළු පිරිසක්‌ ඊයේ (16 වැනිදා) පෙරවරු 10.30 ට පමණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේ කීහ.

අද මුළු රටේම අවධානය යොමුව ඇත්තේ අයවැය පිළිබඳවයි. මෙම ආණ්‌ඩුව අයවැය විවාදය අතරතුරදී දණ්‌ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට කටයුතු කරමින් සිටිනවා.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දහවන වගන්තියෙන් අපට උරුම කර දී ඇති සිතීමේ හා භාෂණයේ නිදහස සම්පූර්ණයෙන් ම අහිමි වන පරිද්දෙන් මෙම පනත සම්පාදනය කර තිබෙනවා. කවුරුන් විසින් කුමන අරමුණකින් මෙම පනත් සංශෝධන කරන්න යනවාදැයි අප පුදුම වෙනවා.

මෙම අණපනත්a නිර්මාණය කරන, ඒවාට උඩ ගෙඩි හා උපදෙස්‌ දෙන සහ මෙම පනත සම්පාදනය කළ උදවියගේ මොළය පරීක්‍ෂා කරන්න කියලා අප යහපාලන රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ රටේ අති බහුතරයක්‌ වන සිංහලයන්ගේ සහ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් මෙම පනතින් සම්පූර්ණයෙන්ම අහිමි කර තිබෙනවා. රට තුළ ආක්‍රමණකාරී ලෙස හැසිරෙන අන්තවාදී මූලධර්මවාදී කණ්‌ඩායම්වල ඕනෑ එපාකම්වලට සහාය වන ලෙස ඒවා හොඳින් පවත්වාගෙන යා හැකි පරිසරයක්‌ හැදීමට මෙම පනත්වලින් කටයුතු කර තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2792439007561340053

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item