ජනපති - මහ ඇමතිවරු හමුවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විම...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විමට නියමිතව තිබේ.

මෙවර අයවැය මගින් පළාත් සභාවල වැය ශිර්ෂය පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතට පත් කර තිබීම පිළිබඳව විරෝධය පළ කරමින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සංදේශයක් බාරදීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සැලසුම් කර තිබේ.

පළාත් සභාවල වැය ශීර්ෂය යටතේ මුදල් ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතට හා පළාත් සභා පනතට එකඟ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න පැවසී ය.

ඒ අනුව අයවැය යටතේ දැනට සිදුකර තිබෙන වෙනස්කම් ඉවත්කර මෙතෙක් කාලයක් සිදුකළ අයුරින්ම ඒ කටයුත්ත සිදුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත්, සියලුම පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් මෙම තීරණයේදී එක්ව කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8901538116687889219

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item