තාජුඩීන් සිද්ධිය - ආනන්ද සමරසේකර ගැන ‍පරීක්ෂණයක්

රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය පිළිබඳව පළමු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා ඇතුළ...



රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය පිළිබඳව පළමු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා ඇතුළු වෛද්‍ය මණ්ඩලය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ මරණය සම්බන්ධයෙන් පළමු මරණ පරීක්ෂණය සිදුකිරීමේදී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා ඇතුළු වෛද්‍ය මණ්ඩලය වගකීමකින් තොරව කටයුතු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමින් අධිකරණය මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්ය.

එමෙන්ම මේ පිළිබඳව වෙනමම පරීක්ෂණයක් සිදුකරන ලෙසද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කර තිබේ.

මේ අතර රගර් ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ යටපත් කළ බව කියන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් සිදුකරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

මෙම සිද්ධියේදී නාරාහෙන්පිට සිට කිරුළපන දක්වා ඇති සී.සී.ටී.වී දර්ශන පරීක්ෂණ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයට බාරදී ඇති බවද රහස් පොලීසිය පවසා තිබේ.

එම දර්ශනවලට අනූව සැකකටයුතු වාහනයක් හා පුද්ගලයෙක් ගැන පරීක්ෂණ සිදුකරන බවත්, රහස් පොලීසිය දැනුම්දී ඇති අතර දින 14ක කාලයක් ඇතුළත අදාළ පරීක්ෂණයේ වාර්තාව ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයට නියෝග කර තිබේ.

එසේම අදාළ කාලය තුළ එය කළ නොහැකි නම් අධිකරණයෙන් අවසර ලබාගත හැකි බවද මහේස්ත්‍රාත්වරයා පැවසූ බව අප වාර්තාකරු කීවේය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2951150421364007902

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item