'බරපතළම එල් නීනෝ කාලගුණයක්' ගැන බියක්

1998 වසරේදී ලොව බරපතළ කාලගුණ විපර්යාසයන් හට ගැනීමට තුඩු දුන් එල් නීනෝ කාලගුණය මේ වසරේත් එතරම්ම බරපතළ විය හැකි බව නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානය...

1998 වසරේදී ලොව බරපතළ කාලගුණ විපර්යාසයන් හට ගැනීමට තුඩු දුන් එල් නීනෝ කාලගුණය මේ වසරේත් එතරම්ම බරපතළ විය හැකි බව නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසයි.

අත්ලාන්තික් සාගරයට උතුරෙන් හට ගනිමින් පවතින දරුණු කුණාටුව හේතුවෙන් ආක්ටික් සාගරයේ අසාමාන්‍ය උෂ්ණත්වයක් මතු වෙමින් පවතින බවයි කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

උත්තර ධ්‍රැවය ආසන්නයේ කාලගුණ කලාපයක හිම මිදෙන මට්ටමට ඉහල උෂ්ණත්වයක් වාර්තා වී තිබේ.

සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක සෘණ 25 ක් පමණ වාර්තා කරන ශීත සෘතුව මැද භාගයේදී උත්තර ධ්‍රැවයේ එවැනි උෂ්ණත්වයක් හට ගැනීම ඉතා අසාමාන්‍ය තත්වයක්.

මේ හේතුවෙන් තව දුරටත් ඇතැම් කලාප තුළ නියඟ තත්වයන් වර්ධනය වන අතර සමහරක් කලාප තුළ ජල ගැලීම් ඉහළ යනු ඇත.

මෙම තත්වය හේතුවෙන් අප්‍රිකානු මහද්වීපයට බරපතළ තර්ජන මතු වීමේ වැඩි ඉඩකඩක් පවතින අතර පෙබරවාරි මාසය එන විට ආහාර හිඟය ඉහළ යනු ඇති බවට බලාපොරොත්තු පළ වේ.

ඉදිරි මාස හය ඇතුළත කැරීබියානු , මධ්‍යම සහ දකුණු ඇමරිකාව ඇතුළු කලාප මෙම තත්වයන්ට මුහුණ දෙනු ඇත.

2016 වසරේ ඇති වීමට නියමිත බරපතළ එල් නීනෝ කාලගුණය හේතුවෙන් කෝටි සංඛ්‍යාත ජනකායකට කුසගින්නේ සිටීමට සහ පානීය ජල හිඟයට මුහුණදීමට සිදුවනු ඇති බවටත් නාසා ආයතනය අනතුරු අඟවයි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4033048497668923901

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item