රට පුරා උද්ඝෝෂණ - කිරි ගොවින් නුවරඑළියේ - නුවරඑළිය නගරයට කිරි වැස්සක්

මෙවර අයවැයෙන් දේශීය කිරිපිටි මිල පහත හෙළීමට විරෝධය පා ‍ගොවීන් උද්ඝෝෂණයේ නිරත වුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිරිගොවීන් පිරිසක් ඊයේ (16) ...

මෙවර අයවැයෙන් දේශීය කිරිපිටි මිල පහත හෙළීමට විරෝධය පා ‍ගොවීන් උද්ඝෝෂණයේ නිරත වුණා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිරිගොවීන් පිරිසක් ඊයේ (16) නගර මධ්‍යයේ මෙලසෙ උද්ඝෝෂණයක නිරත වුණා.

දේශීය කිරිපිටි මිල පහත හෙළීම හේතුවෙන් එම සමාගම් කිරිපිටි නිෂ්පාදනය පහළ දමා ඇති අතර ඒ නිසා තම දියර කිරි මිලදී නොගන්නා බව උද්ඝෝෂණයට සහභාගී වූ ගොවීන් පැවසුවා.

කිරි ලීටරයකට රුපියල් 70 ක මුදලක් රජය මගින් ලබාදුන්න ද මිල පහත හෙළීම නිසා තම දියර කිරි නිෂ්පාදන අලෙවිකරගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවද සඳහන් කළ උද්ඝෝෂකයින් දේශීය කිරි කර්මාන්තය නගා සිටුවීමට රජය පියවර ගත යුතු බව එහිදී අවධාරණය කළා.

මෙම උද්ඝෝෂකයින් දියර කිරි බවුසරයක කිරි ලීටර් දසදහසක් රැගෙන විත් නුවරඑළීය නගර මධ්‍යයේදි පොම්ප කරනු ලැබුවා.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8456850132737897852

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item