පරණ යකඩ එකතුකරන්නෝ කොළඹ උද්ඝෝෂණයක

විදේශවලින් අයකරන යකඩ සඳහා අයකරන තීරු බදු ඉවත් කිරීම නිසා දේශීයව පරණ යකඩ එකතුකරන ලක්ෂ තුනහමාරකගේ රැකියා අහිමි වී ඇතැයි පවසමින් සමස්ත ලංකා...

විදේශවලින් අයකරන යකඩ සඳහා අයකරන තීරු බදු ඉවත් කිරීම නිසා දේශීයව පරණ යකඩ එකතුකරන ලක්ෂ තුනහමාරකගේ රැකියා අහිමි වී ඇතැයි පවසමින් සමස්ත ලංකා පරණ යකඩ එකතුකරන්නන්ගේ සංගමය අද (16) කොළඹදී උද්ඝෝෂණයක නිතර විය.

දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි යකඩ එකතුකරන්නන් විශාල පිරිසක් කාර්මික විද්‍යාල හංදියෙන් පාගමනක් ආරම්භ කර කොටුව දුම්රිය ස්ථානය දක්වා පැමිණ උද්ඝෝෂණය කිරීම නිසා එක් මංතීරුවක් අවහිර වූ අතර, ඒ හේතුවෙන් දැඩි මාර්ග තදබදයක්ද පැවතිණ.

විදේශයන්ගෙන් ආනයනය කරන යඩක සඳහා බද්ධක් අයකර දේශීය ව්‍යාපාරකයන් හා ඒ හරහා යැපෙන්නන් ආරක්ෂා කරන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5237979059767373601

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item