අයවැයට තවත් සංශෝධන! - ශ්‍රීලනිප ඇමතිවරුන් ජනපති හමුවෙයි

අයවැය සම්බන්ධයෙන් පැන නැගී ඇති යම් යම් කාරණා පිළිබඳව කළ හැකි කාර්යයන් සිදු කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම් ...

අයවැය සම්බන්ධයෙන් පැන නැගී ඇති යම් යම් කාරණා පිළිබඳව කළ හැකි කාර්යයන් සිදු කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ඊයේ(17) රාත්‍රීයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ.

ජනාධිපතිවරයා ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ එම කාරණා පිළිබඳව සවන් දීමෙන් අනතුරුව අගමැතිවරයා හා මුදල් ඇමතිවරයා සමග නැවත් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කළ බවත් අහිතකර කාරණාවලින් කළ හැකි කාර්යයන් ඉවත් කර ගැනීමට එකගතාවය පළ කළ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ඉදිරි දිනවලදී එම සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2111577180868793566

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item