ඩිලාන් නොදන්නවාට මහින්ද ඩීල්කාරයකු නොවන බව ඒකීය රටක නිදහස් සුවය විඳින ජනතාව දන්නවා – නාමල් රාජපක්ෂ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසි විටෙකත් එල්ටීටීඊය සමග හෝ වෙනත් අය සමග ඩීල් දැමූ පුද්ගලයකු නොවන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා නොදන්නවා වූ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසි විටෙකත් එල්ටීටීඊය සමග හෝ වෙනත් අය සමග ඩීල් දැමූ පුද්ගලයකු නොවන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා නොදන්නවා වූවාට ඒකීය රටක නිදහස් සුවය විඳින මෙරටේ ජනතාව හොඳින්ම දන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

යම් හෙයකින් මහින්ද රාජපක්ෂ මහතා කවරකු හෝ සමග ඩීල් එකක් දැමුවහොත් කිසි විටෙකත් එම පාර්ශ්වය පාවා නොදෙන ඉතා විශිෂ්ට ගණයේ දේශපාලකයකු බව ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගී තිබෙන්නේ ප්‍රතිපත්ති සමුදායක් මත බවත් ශ්‍රීලනිපය තිබෙනුයේ එම ප්‍රතිපත්ති රැඳී තිබෙන තැන බව ද මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පෙරේදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඩීල් දැමූ බවට කළ ප්‍රකාශය හා නාමල් රාජපක්ෂ මහතා ජාතික පුවත්පතකට ලබා දී තිබූ සම්මුඛ සාකච්ඡාවක් පිළිබඳ අදහස් දක්වමිනි.

ශ්‍රීලනිප ප්‍රතිපත්ති රැඳී තිබෙන තැන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා සිටින බවත් එම පාක්ෂිකයාත්, පිරිසිදු ශ්‍රීලනිපයත් රැකගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවංකවම හිතවාදී දේශපාලනඥයන්ගේ වගකීම බවත් නාමල් රාජපක්ෂ මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතිකාරයන් නොමැති බවත් සිටිනුයේ භාරකාරයන් පමණක් බවත් සඳහන් කළ නාමල් රාජපක්ෂ ශ්‍රීලනිපය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බූදලයක් නොවන බව තමන් හොඳින් දන්නවා පමණක් නොව ශ්‍රීලනිපය වෙනත් කිසිවකුගේ බූදලයක් නොවන බව ද අවධාරණය කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1694706284238748816

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item