ඇවන්ට් ගාඩ් නැව වහාම මුදා හැරේ

ගාල්ල වරායේ නවතා ඇති ඇවන්ට් ගාඩ් නැව වහාම මුදාහරින ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඊයේ (17දා) නියෝග කළාය.  ම...

ගාල්ල වරායේ නවතා ඇති ඇවන්ට් ගාඩ් නැව වහාම මුදාහරින ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඊයේ (17දා) නියෝග කළාය. 

මෙම නැව මුදාහරින ලෙස ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය මීට කලින්ද නියෝග කර තිබූ නමුත් එය ක්‍රියාත්මක වූයේ නැත. එබැවින් මෙම නැව අයිති සමාගම වන සිලෝන් ශිපින් සමාගම මෝසමක් ඉදිරිපත් කරමින් නැව මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව වරාය ස්ථානාධිපතිවරයාද (Harbour Master) අධිකරණයට කැඳවා තිබූ අතර, ඔහුට දැඩි ලෙස අවවාද කර නැව මුදාහරින ලෙස නියෝග කරන ලදී.

ආයුධ සහිත නැව ඉතා අබලන් තත්ත්වයේ පවතින බැවින් වෙනත් නැවකට මාරු කිරීමට අවසර ඉල්ලා සිටි නමුත් මේ දක්වා එය ක්‍රියාත්මක වී තිබුණේ නැත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8382997144121613150

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item