බුද්ධික කුලසේකර ස්වර්ණවාහිනි- නාලිකාවෙන් ඉවත් වෙයි

ස්වර්ණවාහිනී නාලිකා ප්‍රධානී හා ඊ.ඒ. මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය විධායක සභාපති ලෙස වසර 10ක් පුරා කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් බුද්ධික කුලසේකර මහ...

ස්වර්ණවාහිනී නාලිකා ප්‍රධානී හා ඊ.ඒ. මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය විධායක සභාපති ලෙස වසර 10ක් පුරා කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් බුද්ධික කුලසේකර මහතාමස තම තනතුරින් ඉල්ලා අස්වන බව දැන ගන්නට ලැබේ. 
ලබන ජනවාරි 31දායින් පසුව ඔබ මෙම පුටුවට සමුදෙනවා කියන්නේ ඇත්තද? ඔව්. බෞද්ධයෙක් හැටියට හා මනුෂ්‍යෙයක් හැටියට අපි පිළිගත යුතු දෙයක් තමයි හැම දේකම තිබෙන අනියත භාවය. ඕනෑම දෙයක් ආරම්භ වෙනවා නම් එයට අවසානයකුත් තිබිය යුතුයි. මීට වසර 10කට පෙර මම පුටුවේ වාඩිවෙන කොට මම හිතා ගත්තු එක දෙයක් තියෙනවා. ඒ තමයි කවදාහරි මම මේ පුටුවෙන් අයින් වෙන්නේ මගේම කැමැත්තෙන් කියලා. ඒ දේ එසේම සිදුවන්නට දෛවය මට කාරුණික වෙලා තියෙනවා.
ඔබ තවමත් ජව සම්පන්න තාරුණ්‍යය ඉක්මවා නොගිය කෙනෙක්. මෙවැනි තීරණයක් ගැනීමට ඔබ තවමත් වියපත් මදියි කියා ඔබ හිතුවේ නැද්ද? කෙනෙකුගේ උපරිම දායකත්වය ආයතනයකට ලබා දෙන්න වයස ප්‍රශ්නයක් නැහැ කියලයි මට හිතෙන්නේ. මම එය ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙනවා. මම මේ තනතුර බාර ගත්තේ වයස අවුරුදු 26දී. මා කෙරෙහි දැඩි විශ්වාසයක් තබා මේ වගකීම පැවරීම ගැන මම මුලින්ම ඊ.ඒ.පී ජාලයේ නියෝජ්‍ය සභාපති ජීවක එදිරිසිංහ මහතාට ආනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම පසුගියදා අප අතරින් සමුගත් ඊ.ඒ.පී සභාපතිනී ආචාර්ය සෝමා එදිරිසිංහ මැතිනියටත්, වත්මන් සභාපති මනෝ තිත්තවැල්ල මහතාටත් මගේ ගෞරවයර හා භක්තිය පිරනැමිය යුතුයි. මෙම ආයතනයට මගේ උපරිමයෙන් මා දායක වී තිබෙනවා. මේ කාලය තුළ ස්වර්ණවාහිනියට පමණක් සුවිශේෂී සම්මාන 250කට අධික සංඛ්‍යාවක් ලබාදී තිබෙනවා. ඒත් මෙම තනතුරේ සිටි විශිෂ්ටතයා මමයි කියලා මම කිසිදවසක හිතන්නේ නැහැ. මට වඩා විශිෂ්ටතයෙක් මෙම තනතුර හෙට බාර ගනීවී. ඒත් මගේ කාලය තුල මා මාගේ උපරිමයෙන් මේ ආයතනයට විශිෂ්ට දායකත්වයක් ලබා දුන් බව මගේ හෟද සාක්ෂියට එකගව මම පිළිගන්නා දෙයක්. ඒ ගැන මට ජීවිත කාලය පුරාවටම සතුටු විය හැකියි.
මාධ්‍ය ආයතනයක ඉහළ නියලයක් දැරිමේදී එදිනෙදා ගනුදෙනුවල තිබෙන්නාවු පීඩනය ඔබට ජනවාරි 31න් පසු නැති වේවි නේද? ඔව් බොහෝ දුරට ඒ පීඩනයෙන් නම් මම නිදහස් වේවි. ඒත් මගේම සාර්ථක ව්‍යාපාර තුනක් තිබෙන නිසා මම ඒ කටයුතු සම්බන්ධව කාර්යබහුල වේවි. ළගදීම තවත් ශාඛා දෙකක් ඕස්ට්‍රෙලියාවේ හා සිංගපුපූරුවේදී ආරම්භ කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා.
මාධය ආයතනයක් බාරව කටයුතු කිරීම අතිශය අසීරු කාර්යයක්. ඒක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. මාධ්‍ය ආයතනයේ මා යටතේ සේවය කරන සිය ගණනකගේ ඕනෑ එපා කම්වලට වඩා මේ රටේ සුවහසක් ජනතාවගේ පැත්තෙන් මට පැවරෙන වගකීම ඊට වඩා ප්‍රබල එකක්. ඒ පැත්තෙන් නම් මම නිදහස් මිනිසෙකු වේවි.
ඔබේ පවුලේ අයත් සමග කාලය වැඩියෙන් මිංඩගු කිරීම මෙම තීරණයට පාදක වෙන්නට ඇතිනේද? අනිවාර්යෙන්ම. මම හැමදාමත් මගේ පවුලත් එක්ක සමීපව සිටි කෙනෙක්. මට ලස්සන, ලෙන්ගතු බිරිදක් වගේම අපූරු දරුවන් තිදෙනෙක් ඉන්නවා. ඒ අයත් සමග හොදින් කාලය ගත කිරීම මගේ එක අරමුණක්. අපි ඉක්මනින්ම ඕස්ට්‍රෙලියාවේ ගෝල්ඩ් කෝස්ට්වල පදිංචියට යනවා. ඒ අතර අපි ලෝකයේ රටවල් පුරා සංචාරය කරන්නත් බලාපොරොත්තු වෙනවා.
ඔබේ නිර්මණශීලී හැකියාවන් ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. ඒත් ඒ නිර්මාණශීලී බුද්ධික කුලසේකර මේ රටේ ජනතාවගෙන් ඈත් කරලීම සාධාරණයි කියලා හිතනවද? මගේ නිර්මාණශීලී උපදේශකත්වයෙන් ස්වර්ණවාහිනී නාලිකාව හරහා විකාශය ටෙලි නාට්‍ය හෝ වෙනත් රියැලිටි වැඩසටහන් ගැන ඔබට අමුතුවෙන් විස්තර කළයුතු නැහැ. ඒත් රතු ඉර වැනි දේශපාලන කථිකා වැඩසටහනක් අවුරුදු 10කට ආසන්න කාල පරාසයක් තුළ කොන්ද කෙළින් තියාගෙන මෙහෙයවන්නට හැකි වීම ගැන මම අවංක තෟප්තිමත් වෙනවා වගේම මා ගැන ආඩම්බර වෙනවා.
බුද්ධික කුලසේකර මේ රටේ ජනතාව කවදාවත් අමතක කරන කෙනෙක්  වෙන්නේ නැහැ. ඉදිරියේදී අවුරුද්දකට එක සිංහල චිත්‍රපටයක් හා හොද ටෙලි නාට්‍යයක් නිර්මාණය කරමින් මගේ දායකත්වය මේ රටේ ජනතවට ලබාදෙන්නට පොරොන්දු වෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 5442687627251622762

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item