රට ගිය විමල් දිවයිනට - ‘ආප්ප විප්ලවය’ ගැන විමල් කියයි

රටින් බැහැරව සිටියත් යුරෝපයේ වෙසෙන ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව රට මුහුණ පා ඇති අනතුරුදායක තත්ත්වය පරාජය කිරීම වෙනුවන් තම යුතුකම සහ වගකීම ඉටු කිර...

රටින් බැහැරව සිටියත් යුරෝපයේ වෙසෙන ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව රට මුහුණ පා ඇති අනතුරුදායක තත්ත්වය පරාජය කිරීම වෙනුවන් තම යුතුකම සහ වගකීම ඉටු කිරීමට සූදානමින් සිටින්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පුරා මසකට අධික කාලයක් යුරෝපයේ සංචාරයක නියැලී කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට යළි පැමිණි මොහොතේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

‘‘ලංකාව තුළ අපි ජාතික නිදහස් පෙරමුණ ලෙස දේශන මාලාවක් ආරම්භ කරනු ලැබුවා. එමගින් දෙමුහුන් උසාවිය පිළිබඳවත් රණවිරුවන් දංගෙඩියට දැක්කවීම හා රට බෙදී යාමේ දිශාවට ඇදගෙන යාම පිළිබඳවත් ජාතියට අනතුරු හැගවීමක් සිදු කරනු ලැබුවා.

යුරෝපයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම පරිදි රටවල් 07කදී ඉහත කී දේශන 14කට අධික ප‍්‍රමාණයක් මේ කාලය තුළ පැවැත්වූවා. ඒවාට අතිවිශාල උද්යෝගීමත් සහභාගීත්වයක් දක්නට ලැබුණා. ඔවුන් ඉතාමත් උනන්දුවෙන් සිටිනවා, තම මව්බිම තුළ සිදු වන දේ තේරුම් ගන්න. ඒ වගේම ඔවුන් දැඩි අධිෂ්ඨානයක සිටිනවා, මේ අනතුරුදායක තත්ත්වය පරාජය කිරීම සඳහා රටින් බැහැරව සිටියත් තම යුතුකම හා වගකීම ඉටු කිරීමට.’’

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට ද විමල් වීරවංශ මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

ආණ්ඩුවේ වත්මන් ක‍්‍රියාකාරීත්වය පිළිබඳව ඔබට කීමට ඇත්තේ කුමක්ද? යන්න ඇසූ ප්‍රශ්ණයේදී මන්ත්‍රීවරයා මෙසේ පැවසී ය.

“අල්පේච්ඡතාව සහ සරලකම ගැන කතා කරපු මේ ආණ්ඩුව, ජනවාරි 08 වැනිදා ‘ආප්ප විප්ලවය’ සමරන්න සතියක් පුරා බාල් නටන්න සූදානම් වෙනවා. ඒකෙන්ම පෙනෙනවා මේ ආණ්ඩුවේ බංකොළොත්කම. රණවිරුවන් මාතෘභූමියට දිනා දුන් ජයග‍්‍රහණය සැමරීම නතර කරපු මේ ආණ්ඩුව ජනවාරි 08 වැනිදා සිදු කරනු ලැබූ ‘ආප්ප විප්ලවය’ සමරන්න විශාල ජනතා මුදල් ප‍්‍රමාණයක් විනාශ කරමින් සිටිනවා. ඒ වගේම ජනතාවගේ ඇස්වලට වැලි ගසමින් සුද්දන්ගේ උසාවිය සහ රණවිරුවන් දංගෙඩියට දැක්කවීම පිළිබඳ ජනතා අවධානය වෙනත් පැතිවලට හරවන්නත් මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. මාස 10ක් වැනි කෙටි කාලයක් තුළ මේ තරම් ජනතා අප‍්‍රසාදයට පත් වූ ආණ්ඩුවක් ලංකා ඉතිහාසය තුළ නිර්මාණය වී නැහැ.“



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5359802560085531555

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item