කාසල් රෝහලේ බිළිඳු ඝාතනයක්?

කාසල් රෝහලේ වාට්ටු සංකීර්ණයේ දී දින 14ක් වයසැති බිළිඳියක් ඝාතනය කර ඇති බවට බොරැල්ල පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.  ඊයේ(20)උදෑසන 10.00ට පම...

කාසල් රෝහලේ වාට්ටු සංකීර්ණයේ දී දින 14ක් වයසැති බිළිඳියක් ඝාතනය කර ඇති බවට බොරැල්ල පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.  ඊයේ(20)උදෑසන 10.00ට පමණ මෙම බිළිඳියගේ මරණය සිදු කළ බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ.  ඇගේ සිරුර මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අද දිනයේදී අධිකරණ වෛද්‍යපරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.  මේ සම්බන්ධයෙන් බිළිඳියගේ මව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.  පොලිසිය සඳහන් කළේ උණ රෝගයක් බව පවසමින් මෙම කාන්තාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට පැමිණ ඇති බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8965654067435124804

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item