රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාරට නඩු

පොරොන්දු වූ පරිදි රුපියල් ලක්ෂ 54 ක් වටිනා මොන්ටේරෝ රථයක් එය මිලදී ගත් පුද්ගලයාට බාර නොදුන් බවට චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ...

පොරොන්දු වූ පරිදි රුපියල් ලක්ෂ 54 ක් වටිනා මොන්ටේරෝ රථයක් එය මිලදී ගත් පුද්ගලයාට බාර නොදුන් බවට චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.

මීට වසර 13කට ඉහතදී සිදු කළ බව කියන මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇත.

ඩබ්.පී.ජී.කේ 4271 දරන මිට්සුබිෂි මොන්ටේරෝ ජීප් රථය විකිණීමේදී එහි ලියාපදිංචි අයිතිය වසර 05කින් පවරා දෙන බවට පොරොන්දු වුවද, එලෙස නොකළ බවට නීතිපතිවරයා විසින් චෝදනා නගා ඇත.

2002 මාර්තු මස 22 වැනිදා ඩබ්.පී.ජී.කේ. 4271 දරන වාහනය දිනේෂ් රත්නායක නමැත්තාට රුපියල් ලක්ෂ 54 ක මුදලකට විකිණීමේදී එහි අයිතිය වසර 05කින් පවරා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 54 ක් තමා වෙත ලබාදීමට ඔහු වංක ලෙස පොළඹවන ලදැයි විත්තිකරුට එරෙහිව චෝදනා නගා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5149742074329438063

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item