එක්නැලිගොඩගේ සැබෑ ඝාතකයා ආණ්ඩුවේ ප්‍රබල ඇමතියෙක්ද?

ප්‍රගීත් එක්නැලිගොඩගේ සැබෑ ඝාතකයා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්ද යන්න සාධාරණ සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. ම...

ප්‍රගීත් එක්නැලිගොඩගේ සැබෑ ඝාතකයා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්ද යන්න සාධාරණ සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

මේවන විට අත්අඩංගුවේ පසුවන බුද්ධි අංශ නිලධාරීන්ට සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින් ප්‍රකාශ ලබාදී අත්සන් ගැනීම සඳහා බලකර සිටීමෙන් එවැන්නක් ගැන සැක පළවන බව හෙතෙම කියා සිටියේ අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

සිද්ධියට අදාළව මේවන විටත් බුද්ධි අංශයේ ලුතිනන් කර්නල් ෂම්මි කරුණාරත්න, ලුතිනන් කර්නල් ප්‍රබෝධ වීරසේකර, සාජන් ‍මේජර් උපසේන, කෝප්‍රල් රූපසේන යන අය මේවන විට රැඳවුම් නියෝග මත රිමාන්ඩ් බාරයේ සිටින බව ඔහු සඳහන් කළේය.

ෂම්මි කරුණාරත්නගේ නියෝග මත එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සෙසු නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගැනීමටත්, ෂම්මි කරුණාරත්න විසින් එකී නියෝග කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ දුරකථනය මගින් කළ දැනුම්දීමකට අනුව යයි ෂම්මිගෙන් ප්‍රකාශයක් ගැනීමටත් මොවුන් අපේක්ෂා කරන බව ගම්මන්පිල කියා සිටියේය.

එසේ වුවද මෙම බුද්ධි අංශ නිලධාරීන් පැහැරගත් බව කියන එක්නැලිගොඩ එකී නිලධාරීන් විසින් ඇස් දෙකෙන්වත් දැක නොමැති බව තමා ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව ඔහු ‍අවධාරණය කළේය.

ලුතිනන් කර්නල් මෙම සිද්ධිය වන විට කුකුලේගඟ පුහුණු සැසියකට සහභාගී වී සිට ඇති බවත්, ඔහු මේ සම්බන්ධයෙන් කිසිවක්ම නොදන්නා බවත් ගම්මන්පිල සඳහන් කළේය.

කීර්තිමත් වීරවරයෙකු ලෙස නමක් දිනා ඇති ගෝඨාභය රාජපක්ෂගේ ජනප්‍රියත්වයට ආණ්ඩුව බියවී ඇති බැවින් ඔහුගේ චරිතය ඝාතනය කිරීම සහ ප්‍රගීත් එක්නැලිගොඩගේ සැබෑ ඝාතකයා සැඟවීම ආණ්ඩුවේ අවශ්‍යතාව වී ඇතැයි හෙතෙම චෝදනා කළේය.

කෙසේ වෙතත් මෙම බුද්ධි අංශ නිලධාරීන්ට අදාළ ප්‍රකාශ දැනටමත් සකස් කර ඇති බවත්, කළ යුත්තේ ඒවාට අත්සන් කර නිදහස ලබා ගැනීම බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා එලෙස සකස් කළ ප්‍රකාශයකට අත්සන් කරනු ලැබූ සාජන් මේජර් රන්බණ්ඩා නමැති අය මේවන විට ඇප මත නිදහස් වී ඇති බව කියා සිටියේය.

සෙසු බුද්ධි අංශ නිලධාරීන්ටද තමා වෙනුවෙන් සකස් කළ ප්‍රකාශයට අත්සන් තබා නිදහස් වන ලෙස බලපෑම් කරන බවත්, ඇතැම් නිලධාරීන්ට මත්පැන් පොවා ඊට අත්සන් කරන ලෙස පොළඹවා ඇති බවත්, තවත් විටෙක එම නිලධාරීන්ගේ බිරින්දෑවරුන් බලපෑම් කොට ඔවුන් මගින් ස්වාමිපුරුෂයින්ට අත්සන් කරන ලෙස බලකිරීම් කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1744871965392243556

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item