රට ගොඩ දාන්න ඉලෙක්‌ට්‍රික්‌ වාහන මිල නැංවීම

පසුගිය අය වැයෙන් ඉලෙක්‌ටි්‍රක්‌ වාහනවල බද්ද සියයට 2.5 සිට සියයට පනහකින් වැඩි කළේය. ඉන් විද්යුත් වාහනයක මිල ලක්‌ෂ 50 කින් වැඩිවිණි. එහෙත් ...

පසුගිය අය වැයෙන් ඉලෙක්‌ටි්‍රක්‌ වාහනවල බද්ද සියයට 2.5 සිට සියයට පනහකින් වැඩි කළේය. ඉන් විද්යුත් වාහනයක මිල ලක්‌ෂ 50 කින් වැඩිවිණි. එහෙත් ඒ මිල වැඩිකිරීමේ යෝජනාව තුළ රටක වාහන බදු වැඩි කිරීමට ලඝූ නොවන යථාර්ථයක්‌ තිබිණි. මේ හරහා නැවත අප ප්‍රකාශ කර තිබුණේ රටක්‌ ලෙස තීන්දු ගැනීමේදී අපේ අවියත් මුග්ධ ස්‌වරූපයේ තරමය. 

රටේ වාහන 

කළ යුත්තේ මොනවාද, නොකළ යුත්තේ මොනවාදැයි නොදන්නා අවිනීත ලාංකිකයන්ගේ අතෘප්තිකර මනෝභාවය මහ පාරට බැස්‌ස පසු පෙනෙන්නේය. පසුගිය මාස නවය තුළ පමණක්‌ පාරට එක්‌ වූ අලුත් වාහන ප්‍රමාණය 4 86 000 ක්‌ වූයේය. ඒ ස`දහා වැය කළ රටේ විදේශ විනිමය ප්‍රමාණය බිලියන ගණනකි. සෑම දිනකම වාහන ලක්‌ෂ 5 ක්‌ කොළඹ නගරයට ඇතුළු වෙමින් ඇත්තේය. මාලඹේ සිට රාජගිරිය දක්‌වා පමණක්‌ දිනකට වාහන 174 000ක්‌ පැමිණේ. දැනට කොළඹ නගරය තුළ වාහන ධාවන වේගය පැයට කිලෝමීටර 12 කි. තව වසර 2 න් එය පැයට කිලෝමීටර 8 පමණ වන බවත් මේ තත්ත්වය පැවතුනහොත් 2020 වනවිට රටේ ආර්ථිකය බි`දවැටෙන බවත් පැවසුණේය. 

ආණ්‌ඩුව කියන විදිහට ඉලෙක්‌ටි්‍රක්‌ වාහන මිල වැඩි කර ඇත්තේ මේ අර්බුදයෙන් රට ගලවා ගන්නටය. අනෙක්‌ කාරණය ඉලෙක්‌ටි්‍රක්‌ වාහන නිසා අනාගතයේ මුහුණදීමට නියමිත විදුලි අර්බුදයෙන් රට බේරා ගන්නටය.

ඇත්තනම් විදුලියෙන් දිවෙන වාහන ස`දහා බදු වැඩි කිරීම නිසා වාහන ආනයනය කිරීම පාලනය නොවන බවය. ලක්‌ෂ 25කට අධික මුදලකින් තත්ත්වයෙන් ඉහළ ජපන් විද්යුත් වාහනයක්‌ ස`දහා මිල වැඩිවන විට අවුරුදු පහකට සැරයක්‌ අලුත් කළ යුතු බාල ඉන්දියානු වාහනයක මිල වැඩි වූයේ ලක්‌ෂ 3 කින් හෝ 4 කිනි. නැවතුණා නම් නැවතුණේ මේ විද්යුත් වාහන මිලදී ගැනීම පමණය. 

දින 100 ආණ්‌ඩුව

අනෙක්‌ කතාව විදුලි අර්බුදයක්‌ ගැනය. ජල විදුලියට අමතරව ඉන්ධන දවමින් ටර්බයින් කරකවා විදුලිය ලබාගන්නා රටක විදුලිය ඉලෙක්‌ටි්‍රක්‌ වාහන චාඡ් කිරීම ස`දහා යොදා ගන්නට උත්සාහ කිරීම පවා ගොංකමක්‌ බව මුලින්ම අපට කියා දුන්නේ දින සීයේ ආණ්‌ඩුවේ විදුලිබල හා බලශක්‌ති ඇමතිය. 

දින සීයේ ආණ්‌ඩුව විද්යුත් වාහනවලට බදු සහන දුන්නේ වැඩපිළිවෙළක්‌ සමඟය. පරිසර හිතකාමී තිරසාර හරිත ප්‍රවාහන සේවයක්‌ පිළිබ`ද ඔවුහු අපට කීහ. ඒ සංකල්පයට අනුව විද්යුත් කාර් නොව විද්යුත් දුම්රිය ඉදිකිරීමට යෝජනා වුණේය. විදුලි ආරෝපණ මධ්‍යස්‌ථාන රට පුරා පිහිටුවීමට සැලසුම් කළේය. ඒ ආරෝපණ මධ්‍යස්‌ථාන ඉදිකිරීමට පුද්ගලික අංශයට අවස්‌ථාව ලබා දීමට සංවාදයක්‌ ඇතිකළේය. ව්‍යාප්තවීමේ ස්‌වභාවය උඩ ඉන්ධන පිරවුම්හල්වල, සුපිරි වෙළෝදසල්වල පමණක්‌ නොව නිවාසවලටත් විද්යුත් ආරෝපණ යන්ත්‍ර ලබා දෙන්නට සැලසුම් කළේය. රාත්‍රී 10 සිට අලුයම 4 තෙක්‌ වූ කාල සීමාව තුළ විදුලි මෝටර් රථ ආරෝපණය කරන පුද්ගලයින්ට විශේෂ අය ක්‍රමයක්‌ යෝජනා කළේය. මේ ව්‍යාපෘතියේ අතිශය සාධනීය යෝජනාව ජපානයේ තාක්‌ෂණය සමඟ රැගෙනවිත් රටට ඉදිරිපත් කළේ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ විධායක සභිකයෙක්‌ වූ අශෝක හේරත් විසිනි. රජයේ අනුමැතිය ලද ඔහුගේ සැලසුම වූයේ රට පුරා විසිරීගිය විද්යුත් ආරෝපණ මධ්‍යස්‌ථාන සූර්ය ශක්‌තියෙන් බල ගැන්වීමය. සෑම ආරෝපණ මධ්‍යස්‌ථානයකම පිහිටුවන දැවැන්ත සූර්ය කෝෂ පද්ධතියකින් විදුලිය නිපදවා ඒ විදුලිය ජාතික විදුලි පද්ධතියට ලබා දෙමින් ඉන් විදුලිය ලබා ගැනීම මේ සාධනීය සැලසුම විය. ජපන් තාක්‌ෂණය සහිතව සැලසුම් වූ ඒ විද්යුත් ආරෝපණ මධ්‍යස්‌ථානයකින් වාහනයක බැටරිය විනාඩි 13ක්‌ තුළ සියයට 70ක මට්‌ටමට රැගෙන එන්නට හැකි විය. ඒ සැලසුම් ක්‍රියාත්මක වෙමින් තිබිණි. 

මේ රට, තුන්සිය හැටපස්‌ දවසේම ඇති තරමට ඉරඑළිය වැටෙන රටකි. මේ රටේ කිලෝවොට්‌ 5ක සූර්ය කෝෂ පද්ධතියක්‌ මිලදී ගැනීමට රුපියල් ලක්‌ෂ 8.5 සිට 10 ක අධික මිලක්‌ වැයවේ. සූර්ය ශක්‌තිය බලශක්‌තියක්‌ ලෙස ඵලදායීව වර්ධනය කර ගැනීමට පුරෝගාමීව කටයුතු කළ යුත්තේ මාස හයක්‌ අ`දුරේ ගිලී සිටින යුරෝපයේ සුද්දන් නොව, රටක්‌ ලෙස අපය. 

මේ අවස්‌aථාව සූර්ය බල ශක්‌තිය රටේ ප්‍රචලිත කිරිමට යොදා ගත හැකිවන සේ සැලසුම් සකස්‌ කළ හැකිව තිබිණි. අයවැයෙන් බදු වැඩි කිරිමට පෙර විද්යුත් වාහනයක මිලට ලක්‌ෂ දහයක වටිනාකමක්‌ සහිත සූර්ය බලශක්‌ති ඒකකයක්‌ නිර්දේශ කළද එහි මිල අදට වඩා ලක්‌ෂ දහයක්‌ අඩු බව තේරුම්ගත යුතුය. 

පසුගිය වකවානුවේ විද්යුත් වාහනයක්‌ මිලදී ගන්නා සෑම කෙනෙකුටම සූර්ය කෝෂ සහිත විදුලි පද්ධතියක්‌ භාවිත කිරීම අනිවාර්ය කිරීම, සූර්ය කෝෂ ස`දහා බදු අඩු කර සහනදායී මිලක්‌ ලබාදීමට කටයුතු කිරීම, සූර්යකෝෂ පද්ධතියක්‌ මිලදී ගැනීමට ණය පහසුකම් සැලසීම හා සූර්යකෝෂ නිෂ්පාදන සුලබතාව මත මිල ගණන් අඩු කිරීමට හැකි පරිසරයක්‌ හැදීම වැනි යෝජනා සමාජයෙන් ගලා ආවේය. මේ යෝජනාවලින් රටේ බලශක්‌තිය ඉතිරි කරගතහැකි අයුරු කීවා මෙන්ම අමතර විදුලි ඒකක එක දෙක හෝ ජාතික පද්ධතියට එක්‌ කරගත හැකි ආකාරය පෙන්වා දුන්නේය. මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ අයවැයෙන් කුඩු පට්‌ටම් වූයේ මේ ඉදිරිගාමී සංවාදය ය. 

ඔහු විදුලියෙන් දිවෙන වාහනවල මිල ලක්‌ෂ 25 වැඩිකරන විට සම්පූර්ණයෙන්ම සූර්ය තාපයෙන්, හයිඩ්‍රජන් හෝ හීලියම් මගින් ක්‍රියාත්මකවන වාහනවල බදු සියයට 2.5 දක්‌වා අඩු කළේය. එසේ කළේ පරිසර හිතකාමී හරිත රටක්‌ හදන්නටය. ලංකාවට වාහන ආනයනයනය කරන්නන්ගේ සංගමයේ සම සභාපති කෝකිල දීකිරිවැව මේ ගැන මාධ්‍යයට කියා තිබිණි. '' අයවැයෙන් බද්ද අඩුකළ වාහන වර්ග තවමත් ලෝකයේ කිසිම රටක භාවිතා නොවන පර්යේෂණ මට්‌ටමේ අත්හදා බැලීම් කරන ඒවා... මේ වාහන දැක ගත හැක්‌කේ ටෝකියෝ මෝටර් රථ ප්‍රදර්ශනවල පමණයි.'' මුදල් ඇමති රවී කරුණානායක බදු අඩු කර ඇත්තේ 2025 දී එළිදැකීමට නියමිත වාහනවලට බව කෝකිල දීකිරිවැව කියා තිබිණි. 

ලෝකය ගමන්කරන දිශාව අපට වැටහෙන්නේ නැත. අප යථාර්ථයට වංගු දමමින් මේ යන්නේ ශිෂ්ටාචාරයේ මළ ගෙදරටය. ලෝකයට ආදරය කරන මිනිස්‌සු විදුලි වාහන ගැන කල්පනා කළේ මීට සියවස්‌ එකහමාරකට එපිටදීය. වර්ෂ 1880 දී බ්‍රිතාන්‍ය ජාතික තෝමස්‌ පාකර් මුල්ම විදුලි මෝටර් රථය නිපදවුයේ පරිසරයට ආදරය කරන මිනිසෙක්‌ ලෙසය. වර්ෂ 1900 වන විට ඇමරිකාව තුළ තිබූ වාහන අතුරින් සියයට 34 ක්‌ විද්යුත් වාහන විය. ඉන්ධන දහනය කරමින් බලගැන්වෙන ඇන්ජිම නිර්මාණය වූ පසු විදුලි වාහන නිෂ්පාදනය නැවතිණි. 

එහෙත් පරිසරය විනාශ කරමින්, භෞතික සම්පත් අධික ලෙස පරිභෝජනය කරමින් තමන් ගෙවූ විනාශකාරී කෙටි ඉතිහාසයෙන් උගත් පාඩම් සහිතව සීයකට අධික කාලයකින් පසු මිනිස්‌සු ආපසු හැරී සිටිති. ලෝකය විදුලියෙන් දිවෙන වාහන ස`දහා ලබාදිය යුතු උපරිම සහන ලබා දෙමින් හි`දී. එංගලන්තයේදී විදුලියෙන් දිවෙන වාහනයක්‌ මිලදී ගන්නා පාරිභෝගිකයෙක්‌ වෙනුවෙන් ආකර්ෂණීය මුදලක්‌ වාහන නිෂ්පාදන සමාගමට ගෙවයි. ඇමරිකාව තුළ විදුලි වාහන වෙනුවෙන් වෙන්වුණු ආරෝපණ මධ්‍යස්‌ථාන 20000 ක්‌ තිබේ. ජපානයේ ඉන්ධන පිරවුම්හල් ගණන 34000කි. විදුලි වාහන ආරෝපණය කරන මධ්‍යස්‌ථාන 40000 කි. ඉන්ධන පිරවුම්හල් ගණනට වඩා විද්යුත් ආරෝපණ මධ්‍යස්‌ථාන ප්‍රමාණය වැඩිය. ඒ අතර අපි අපේ එක්‌ විදුලි වාහනයක්‌ ස`දහා ලක්‌ෂ 25 ක බද්දක්‌ යෝජනා කර සිටිමු.

පරිසර ඇමතිවරයා රටේ විධායක ජනාධිපතිවරයාය. ඒ තෙමේ රටේ පරිසරය ආරක්‌ෂා කරගන්නට ඇස්‌බැස්‌ටස්‌ වහළවල් පවා ගලවා දමා පරිසරය රැකගන්නට තරම් එතුමා සංවේදීය. එහෙත් ඔහුගේ ආණ්‌ඩුවේ මුදල් ඇමති සිය අයවැයෙන් රටේ පරිසරය වැඩිවශයෙන්ම දූෂ්‍ය කරන ව්‍යසනය ස`දහා ඉදිරිපත් කර ඇති යහපත්ම විකල්පය විනාශ කරන්නේය. මේවාට අපේ ගම්වල කියන්නෙ හතරවරං කෙළිනවා කියාය.

මේ, රටට ආදර්ශ අවශ්‍ය කාලයකි. එහෙත් හැම තැනම අපට පෙනෙන්නේ නොගැඹුරු ඩීල්ය. පක්‌ෂ, පාට රහිතව අප මේ රටේ පාර්ලිමේන්තුවට පත්කර යවා ඇත්තේ තමන්ට ලැබෙන වාහන පර්මිට්‌ එක තරම් දෙයක්‌ වසර කිහිපයකට කැප කරන්නට බැරි අසංවර මිනිසුන් පිරිසකි. ඔවුන්ගේ ප්‍රාථමික කාලකණ්‌ණි හැසිරීම මේ මොහොත වන විට රට අත්වි`දිමින් හි`දී. තමන්ගේ හීනවලින් අංශුවක්‌ රටේ මිනිස්‌සු වෙනුවෙන් කැප කරන්නට සූදානම් නැති මේ බාල මිනිස්‌සු, අපට රට වෙනුවෙන් කැප කිරීම් කරන්නට යෝජනා කරති. ඉතින් අපි කුමක්‌ කරමු ද?



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 405516874960359320

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item