කොළඹ ලෝකයට ගෙනියන්න නයිට් රේස් හොඳ අවස්ථාවක් - රේස් ගැන දන්නා කෙනක් කියයි

කොළඹ නගරය ලෝකයට රැගෙනයාම සඳහා කොළඹ නයිට් රේස් තරගාවලිය හොඳ අවස්ථාවක් බවත්, එම තරගාවලිය ඉදිරියට යා යුතු බවත් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමු...

කොළඹ නගරය ලෝකයට රැගෙනයාම සඳහා කොළඹ නයිට් රේස් තරගාවලිය හොඳ අවස්ථාවක් බවත්, එම තරගාවලිය ඉදිරියට යා යුතු බවත් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව අද පුවත්පතට පවසා තිබේ.

එසේම එම තරගයට එක් වූ විදෙස් ක්‍රීඩකයන්ගෙන් තරගය පිළිබඳව හොඳ ප්‍රතිචාරයක් දැක්වූ බවත්, මෙවැනි තරග හරහා අඩු ආයෝජනයකින් වැඩි ප්‍රතිලාභයක් ලබාගැනීමේ අවස්ථාව තිබෙන බවත් ඔහු සඳහන් කළේය.


කෙසේ වෙතත් මහනුවර පැවැති රාත්‍රී මෝටර් රථ තරගාවලිය අනවශ්‍ය දෙයක් බවත් ඔහු පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ මාලගමුව,

"ලංකාවේ කළ හොඳ දෙයක් තමයි කොළඹ රාත්‍රී මෝටර් රථ තරගාවලිය. නුවර රේස් එකනම් අනවශ්‍ය දෙයක් කියලයි මම හිතන්නේ. කොළඹ නයිට් රේස් එකට ආණ්ඩුව සුළු මුදලක් වියදම් කළේ. අපිත් කාර් පිටරටින් ගෙනාවා. ඒ ෙගනාවෙත් අපේ අතේ මුදලින්. මොනාකෝ, සිංගප්පූරු වගේ රටවල්වල නම් ලෝකයට ගියේ රේස් නිසා. 

කොළඹ ලෝකයට ගෙනියන්න තිබුණ හොඳම දෙයක් තමයි මෝටර් රේසිං. කාර් ෙගනාවා. ඒවා දවස් තුනෙන් අපි නැවතත් අරන් ගියා. ක්‍රිකට් පෙන්වන්නේ රටවල් දහයක දොළහක පමණයි. නමුත් අපේ තරග සජීවීව මිලියන 600ක් පමණ බලනවා.

මේ හරහා ලංකාවට ලොකු ආයෝජනයක් ගේන්න පුළුවන්. ලෝකයේ ලස්සනම නගරයක් තමයි කොළඹ නගරය. තරගයෙන් හොඳ ප්‍රසිද්ධියක් ලැබුණා. මගෙත් එක්ක ආපු පිටරට අය කිව්වෙ ලෝකයෙ තිබුණ හොඳම තරගයක් කියලා. අපරාදෙ ඒක නැවැත්තුවේ. ඒකෙන් ලංකාවට හොඳ දෙයක් කරගන්න තිබුණා. කොළඹ තරගය පොඩි ආයෝජනයකින් වැඩි මුදලක් හොයන්න තිබුණ අවස්ථාවක්.

මම කියන්නෙ මේ තරගය ඉදිරියට තියන්න ඕන. මේ අදහස මැලේසියාවේ කරන්න කියලා මට කිවුවා. මම අගෝස්තු මාසයේ ඒ දේ කළා. ඒ අය ඩොලර් මිලියන 20ක් වියදම් කරලා ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබුවා" යැයි පවසා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1976263171391214829

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item