ගිය අවුරුද්දේ සිදුවුන වැරදි හදාගෙන අලුත් අවුරුද්ද අලුතෙන් පටන් ගණන් එකතු වෙන්න - ගම්මන්පිල ආරාධනා කරයි

අපි මුලින්ම සමස්ථ ජාතියටම තවත් පැය 36කට නොඅඩු කාලයකදී උදාවන නව වසර සුබ නව වසරක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා. නමුත් එසේ ප්‍රර්ථනා කල පමණින්ම ...

අපි මුලින්ම සමස්ථ ජාතියටම තවත් පැය 36කට නොඅඩු කාලයකදී උදාවන නව වසර සුබ නව වසරක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා. නමුත් එසේ ප්‍රර්ථනා කල පමණින්ම ඒ වසර සුබ වෙන්නේ නෑ. එහෙමනම් හැමකෙනාටම හැම වසරම සුබ වෙන්න ඔනේ. අපි දන්නවා අපි හැමෝටම එක් අයෙක් හරි සුබ නව වසරක් වේවා කියලා ප්‍රර්ථනා කරලා තියෙනවා. එහෙමෙයි කියලා එකෙන් විතරක් නව වසර සුබ කර ගන්න බෑ. අපි නව වසර සුබ වේවා කියලා නවතින්නේ නැතුව නව වසර සුබ කරගන්න කටයුතු කරන්න ඔනේ. අපිට පේනවා මේ මොහොතේ ආර්ථිකය කඩා වැටෙමින් යනවා, රුපියල බල්දුවේලා, ජාතික ආරක්ෂාව අනතුරට පත්වෙලා තියෙනවා, සමාජ සුභ සාධනය කප්පාදු කරමින් ඉන්නවා, අපේ සාරධර්ම පිරිහෙමින් පවතිනවා, මේවට එරෙහිව කටයුතු කර වසර සුබ කරගන්නනම් මේ ආණ්ඩුවට එරෙහිව අරගල කරන්න සිදුවෙනවා. අරගලයෙන් තොර විසදුමක් නෑ කියලා ප්‍රකට කියමනක් තියෙනවා ඒ නිසා අපි ජනතාවට ආරාධනා කරනවා ජනවාරි 01වෙනිදාට සුබ නව වසරක් ප්‍රර්ථනා කරලා නිකන් ඉන්නේ නැතුව එන්න අපිත් එක්ක අරගල කරලා වසර සුබ කර ගන්නන එන්න කියලා අපි සමස්ථ ජාතියටම ආරාධනා කරනවා.

දැන් නීති ප්‍රශ්නයක් ඇතිවෙලා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කරා මම සෞඛ්‍ය අමාත්‍යංශය පවරා ගන්නවා කියලා. එතකොට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කියනවා මහ ඇමතිතුමාට බලයක් අමාත්‍යංශය පවරා ගන්න අපි එතුමට අභියෝග කරනවා පුළුවන්නම් අමාත්‍යංශය දෙසැම්බර් 31කට කලින් පවරා ගන්න කියලා. එහෙම කියලා පැය 24ක් යන්නත් කළින් මහ ඇමතිතුමා ඒ අමාත්‍යංශය භාර ගෙන ආණ්ඩුකාරවරයා ඉදිරියේ දියුරුම් දුන්නා. හිටපු ඇමතිතුමා කියනවා මේක නීති විරෝධි වැඩක් මම පක්ෂයත් සමග සකච්චා කරලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. දැන් ඇතිවෙලා තියෙනවා ප්‍රශ්නයක් මහ ඇමතිතුමා කල දේ නීතිවිරෝධි ද නැද්ද කියලා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(ඊ)5 වගන්තියේ කියනවා ආණ්ඩුකාරවයා විසින් ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදේශය අනුව සෙසු අමත්‍යවරයන් එම පාලාත් සදහා සන්තාපනය කර ඇති පාළාත් සභා මන්ත්‍රීන් අතුරෙන් තෝරා ගත යුතුය. බලය ඇත්තේ ප්‍රධාන අමත්‍යවරයාට ඔහු කියන අයට තමයි ලබා දෙන්නේ. ඒ නිසා අමත්‍යංශයක් පවරා ගැනිමේ සම්පුර්ණ බලය ඇත්තේ ප්‍රධාන අමත්‍යවරයාටයි. සමහර වෙලාවට ජනාධිපතිතුමත් ඒ පක්ෂයේ නම් එතුමගෙනුත් අහල කරන අවස්ථා තිබෙනවා එහෙම නැතුව ජනාධිපතිතුමන්ට කිසිට බලයක් නෑ. සම්පුර්ණ වගකීම තියෙන්නේ ප්‍රධාන අමත්‍යවරයාට. අයවැය ශිර්ෂ පැරදිලත් අමත්‍යධුරයේන් ඉවත් නොවි ඉන්න කොට ප්‍රධාන අමත්‍යවරයා අනුකම්පා කරලා ඉන්න අවස්ථාවක එතුමාට අභියෝග කලා ඒ අනුව එතුමා තමන්ගේ බලය පාවාච්චි කරලා නීත්‍යානුකුලව ව්‍යවස්ථාවේ සදහන් ආකාරයට කටයුතු කරලා තියෙනවා කියලා අපිය බය නැතුව කියන්න පුළුවන්.

සමහරු කියනවා උදය ගම්මන්පිලගේ දරුවෝ දෙන්නා ගෙදර සිටියවේලේ දරුවෝ දෙන්නා බය කරන්න ගෙදර වටකරලා උද්ඝෝෂණයක් කරා. එක මෙහෙයවුයේ නිශාන්ක වර්ණසිංහ මන්ත්‍රිතුමා. එතුමත් එක්ක මගේ තරහක් ඇති ඒ කරපු දේට එක නිසා මම සන්තෝෂ වෙනවා ඇති කියලා. සිදිධිය වෙලා වසරක් වෙනවා එතුමට විරුද්ධව මම එක වචනයක් කියලා නෑ. බල්ලෙක් මාව හපා කෑවම මම සොයා බලන්නේ බල්ලව උසි ගන්වලා එයුවේ කවුද කියලාය. උසිගන්වපු අයටනම් අපි දිගටම පොලුපහර දිලා තියෙනවා. ඒ අහිංසක හපා කන බලු පැටවු කරන්නේ තමන්ගේ ස්වාමියා කියන දේ. මම අවංකමව කම්පා වෙනවා අලුත් මන්ත්‍රිවරයෙක් මාස 03ක පමණ කාලයක් එම ධුරයේ රුදිසිටියේ එතුමට එම තනතුරේ ස්තාවර වෙන්න පදනම හදා ගන්න බැරි වුනා. එතුමා තමන්ගේ දේශපාලන ජිවිතය පටන් ගද්දිම අදුරු වීම ගැන මම අවංකවම කම්පා වෙනවා.

අපි දැක්කා ඊයේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිතුමන් කියුවා ජුනි මාසේ ඡන්දය තියනවා කියලා. මමත් හිතාගෙන හිටියා ජුනි මාසේ ඡන්ද තියෙවි කියලා. දැන් මට සැකයි රාජිත ඇමතිතුමා කියුවා නිසා ජුනි මාසයෙත් නැති වේවි කියලා. සාමාන්‍යෙයන් රාජිත සේනාරත්න ඇමතිතුමන් කියන දෙයක් සිදුවෙන්නේ නෑ. මැතකදී වුන උදහාරණයක්ම කියුවොත් අයවැය ඡන්දෙදි එතුමා කියුවා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු හයදෙනෙක් ආණ්ඩුවට එකතු වෙලා අයවැයට පක්ෂව ඡන්දේ දෙනවා කියලා. අඩුම තරමේ එක්කෙනෙක්වත් ඡන්දය ප්‍රකාශ කළේ නෑ එතුමගේ නමුබුව බේරෙන්න හරි. Port City ව්‍යාපෘතිය නතර කරන්නේ නෑ කියලා එතුමා කියුවම නතර කලා. පටන් ගන්නේ නෑ කියුව නිසා දැන් ඔන්න පටන් ගන්න හදනවා. එක නිසා රාජිත සේනාරත්න ඇමතිතුමා ජුනි මාසේ ඡන්දය තියනවා කියපු නිසා අපිට සාධාර සැකයක් තියෙනවා ඡන්දය තියේවිදෝ කියලා.

පාළාත් පාලන ආයතන විසුරුවාහැරලා ඡන්දය දින නියමයක් නැතුව කල් දමන්න කිසිම නීතිමය පදනමක් නෑ. මේ කරපු දේ නීතිවිරෝධි වගේම ප්‍රජාතන්තවිරෝධි. නීතිවිරෝධි වන්නේ මෙයට සිදු කිරිමට ඇමතිවරයාට නොහැකිය. ප්‍රජාතන්තවිරෝධි වන්නේ මහජන නියෝජිතයන් පාලනය කල යුතු ආයතන දැනට වසරක ආසන්න කාලයක් තිස්සේ නිලධාරිපාලනයට නතු කිරිම නිසා. මගේ උගත් මිත්‍රයා ජනාධිපති නීතිඥ ගරු ෆයිසර් මුස්ථාපා තමයි පාලාත් පාලන ඇමතිතුමා එතුමා නීතිය දන්නවා ඇති කියලා මම හිතනවා මම එතුමට අභියෝග කරනවා මොන පනතේ මොන වගන්තිය යටතේ ද දින නියමයක් නැතුව මෙ මැතිවරණය කල්දාලා තියෙන්නේ එන්න මා සමග වාදයකට මම පෙන්වන්නම් මේ කරලා තියෙන දේ නීතිවිරෝධි කියලා. දැනටත් අපි පාළාත් පාලන ආයතන ගණනාවක් සම්බන්දයෙන් අධිකරනය ඉදිරියේ මෙම තින්දුව අභියෝගයට ලක් කරලා තියෙනවා. ඒ නිසා ඒ අයතන වල විතරක් කාලය ජුනි මසය වනතෙක් දිගු කරලා තියෙනවා. එක නිසා අපි අනිත් ආයතන සම්බන්දයෙනුත් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න බලාපොරොත්තුවෙනවා ඉදිරි සති කිහිපය තුල දී. ඒ අයව ප්‍රශ්න 2ක් තියෙනවා එක පැත්තකින් මැතිවරණය නොපැවැත්වීම නීතිවිරෝධි ඒ නිසා ඒ අයට නීතිමය සහනයක් බලාපොරොත්තුවෙන්න පුළුවන්. දඹුල්ල සහ කඩුවෙල මහ නගර සභා ගත්තොත් ඒ අයගේ මුලික අයිතිවාසිකම් උල්ලංගනය වෙලා තියෙනවා. ඇයි එක ආයතන වලට ජුනි මාසය වෙනතෙක් කාලය දිගු කරලා මහජන නියෝජිතයන්ට කටයුතු කරන්න ලබා දීලා තියෙනවා. දඹුල්ලයි හා කඩුවෙලයි ඒ අවස්ථාව දීලා නෑ. එක හා සමාන ආයතන වලට දෙවිදිහකට සැලකිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංගනය කිරීමක්. ඇමතිතුමනි එන්න වාදයකට අපි පෙන්වනම් ඔබ වැරදියි කියලා ඔබතුමා ආවත් නාවත් අපි ඉදිරි සති දෙක ඇතුලත අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරනවා. ඒ උනාට රාජිත ඇමතිතුමා නිදහසට කියුවේ අපි මේ ඡන්ද තියන්න යන්නේ කොට්ටාස ක්‍රමයට තාම කොට්ටාස කඩලා නෑ ඒ නිසා අපිට ඡන්ද කල් දාන්න වෙලා තියෙනවා. මේක විහිලු සහගත කතාවක් නීතියක් සම්පුර්ණ කර ගන්න බැරිවුණා කියලා නීති ක්‍රියාත්මක වීම අත්හිටුවන්නේ නෑ. මේ දවස් වල දණ්ඩ නීති සංග්‍රහය, ආගමන විගමන පනත,විවාහ ලියාපදිංචි කිරිමේ අඥ්‍යා පනත සංශෝදන වෙමින් පවතිනවා. මේවා සංශෝදන වෙනවා කියලා හොරුන්ට දඩුවම් කරන එක, ලංකිකයන් පිටරට යන එකයි විදේශිකයන් මෙරටට එන එකයි, මේ රටේ තරුණ තරුණියන් විවාහවෙන එක නවත්වනවාද නෑ පරණ කුමයට ක්‍රියාත්මක වෙනවා. අපිට පුළුවන් පරණ ක්‍රමයට මැතිවරණය පවත්වලා හදන දෙයක් හොදට කල්යැයි බලලා හෙමිහිට හදලා ලබන පාර මැතිවරණය තියන්න. එක නිසා මේ කරපු දේ නීති, ප්‍රජාත්‍රන්ත, සමාජවිරෝධි අපි එක නිසා මේකය විරුද්ධයි. අපි අධිකරණයෙන් සහනයක් බලාපොරොත්තුවෙනවා. ඒ වගේම මේ ආණ්ඩුව බලයට ආවේ අපේ කාලේ ප්‍රජාත්‍රන්තවාදය නෑ මැතිවරණ වේදිකාවේ කියුවේ ප්‍රජාත්‍රන්තවාදය ස්තාපනය කරන්න අපිට බලය දෙන්න. ඒ වගේම අපි දැක්කා ජොන්කේරි ඇමරිකාවේ රාජ්‍ය ලේකම්තුමා 2015 වසරේ ඇමරිකාවේ ප්‍රගතිය කියද්දි එතුමා කියනවා ශ්‍රි ලංකාවට ප්‍රජාත්‍රන්තවාද ගෙනවේ ඇමරිකාවලු ජනවාරි 08. මෙහේ කට්ටිය හිතන්නේ එජාපය, දෙමළ සන්ධානය, ජවිපෙ කලා කියලනේ ජනවාරි 08 වෙනස. ජොන්කේරි කියනවා එහේ ඉදන් එක කළේ අපි කියලා. හැබැයි ඔය ප්‍රජාත්‍රන්තවාදය උදාවෙන්න කලින්නම් තිබුණු චෝදනාව ඡන්ද කල්දානවා නෙවෙයි කලින් තියනවා කියලා. හැරිලා බලන්න සැම පාලාත් පාලන ඡන්දයක්ම නියමිත දිනටත් කලින් තියලා තියෙනවා. හැකි ඉක්මනින් වැඩ් වැඩ්යෙන් ජනතාවට තමන්ගේ අයිතින් ප්‍රකාශය කරන්න ලැබෙන එකතමයි ප්‍රජාත්‍රන්තවාදය. නමුත් ප්‍රජාත්‍රන්තවාදය උදාකරයි කියන අය ඡන්දය කල් දමමින් ඉන්නවා. මේ තමයි යහපාලනයේ අරුම කියලා අපි කියන්න කැමතිය. ජනවාරි 02 දා සිට 08 වෙනිදා දක්වා කලු කොඩ් ඔසවලා බයියන්ට වඩා ටොයියන් එය සිදු කරවි කියලා හිතෙනවා දැන්වත් හරිපාරේ පාලයන් කියන අනතුරු ඇගවිම කරයි කියලා අපි බලාපොරොත්තුවෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 590539384611288213

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item