රාජපක්ෂවරු කොටු කරන මෙහෙයුමක් ගැන හෙළිවේ

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට විවිධ පැමිණිලි ඉදිරිපත් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගෙන ඔවුන් ලවා ගෝඨාභය රාජපක්ෂ හා නා...

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට විවිධ පැමිණිලි ඉදිරිපත් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගෙන ඔවුන් ලවා ගෝඨාභය රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ මහත්වරුන්ට එරෙහි ප්‍රකාශ සිදු කිරීමට බලපෑම් කිරීමේ සැලසුම් සහගත උත්සාහයක් දියත් වෙමින් පවතින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පැවසීය.ඒ අරමුණ ඇතිව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 23 දෙනකු පසුපස මේ දිනවල ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හඹා යමින් සිටින බවට තොරතුරු ලැබි ඇතැයි ද රණතුංග ප්‍රකාශ කළේය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙන්ම සුසිල් ප්‍රේමජයන්ත හා අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරුන්ට එරෙහිව ද විවිධ චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටින බවට තොරතුරු හෙළිවෙමින් පවතින බව ද සඳහන් කරන රණතුංග මේ සියලු උත්සාහයන්ගේ අරමුණ නොයෙක් ගනුදෙනුවලට රාජපක්ෂ පවු‍ලේ සාමාජිකයන් සම්බන්ධ බවට ප්‍රකාශ නිකුත් කරවාගෙන ඔවුන්ව නීතියේ රැහැනට කොටුකර ගැනීම බව ද තවදුරටත් පැවසීය.

ඒ අතරම විවිධ මූල්‍ය අපරාධ චෝදනා නගමින් අත්අඩංගුවට ගන්නා නිලධාරීන් ලවා අදාළ මූල්‍ය ගනුදෙනුවලට ගෝඨාභය හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධ බවට ප්‍රකාශ නිකුත් කරවා ගැනීම අසාර්ථක වුවහොත් අදාළ චෝදනා සම්බන්ධයෙන් එම නිලධාරීන් බන්ධනාගාරගත කිරීමට මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කරන බව ද රණතුංග මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ අතරේ ඇතැම් ව්‍යාපාරිකයන්ට අයත් සුපිරි නිවාස හා ඇතැම් ව්‍යාපාර රාජපක්ෂවරුන්ගේ බවට සඳහන් කරන ලෙස බලපෑම් එල්ල වෙමින් පවතින බවත් එසේ ප්‍රකාශ නොකළොත් අදාළ ව්‍යාපාරිකයන්ට විවිධ චෝදනා නගමින් ඔවුන් නීතිය හමුවට ගෙන ඒමේ උත්සාහයක් ද දියත්ව ඇතැයි ද ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7648698197373159187

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item