පුංචි ඡන්දය තවත් කල් යයි

විසුරුවා හැර නොමැති පළාත් පාලන ආයතන වල නිළ කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනපති...

විසුරුවා හැර නොමැති පළාත් පාලන ආයතන වල නිළ කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනපතිවරයා ඒ බව පැවසුවේ අද (26) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව විසින් සංවිධානය කළ "නැණසර" වාර්ෂික පොත් බෙදා දීමේ උත්සවයේදීයි.

මීලඟ පළාත් පාලන මැතිවරණය කෙට්ඨාස ක්‍රමයට පැවැත්වීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා යෝජිත පනතේ ඇති අඩුපාඩු සකස් කිරීමට තවත් මාස හයක් පමණ ගතවනු ඇතැයි ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.

කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතාගේ ආරාධනයක් අනුව ජනාධිපතිවරයා මෙම උත්සවයට සහභාගී වූ අතර එහිදී කෝට්ටේ බල ප්‍රදේශයේ පදිංචි දරුදැරියන් 18,000 ක් සඳහා අභ්‍යාස පොත් පිරිනමණු ලැබුවා.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6488101442599641667

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item