ඕසම් හීන

මයි ලවු,මගේ පණ කියලා හෝ ගාලා හෙන හෙන ස්ටෙටස් දාන,ෆීලින් කොරගෙන ෆීලින් ඕසම් වෙන ආදරණිය සමාජයක පැටිකිරිය පට්ටම තිත්ත ඇත්ත එළියට එන වෙලාවක් ...

මයි ලවු,මගේ පණ කියලා හෝ ගාලා හෙන හෙන ස්ටෙටස් දාන,ෆීලින් කොරගෙන ෆීලින් ඕසම් වෙන ආදරණිය සමාජයක පැටිකිරිය පට්ටම තිත්ත ඇත්ත එළියට එන වෙලාවක් මේක.

පොඩියට කිසිම දෙයක් පටන් අරන් පුරුදු නැති වර්ථමාන තරුණ පරපුර,හැම විටම ලොකුවෙන් පටන් ගෙන ඇපත් නැති තැනකින් තම සියලු දේ ඉවර කර ගනු ලබයි.ගෙවෙන සැම මොහොතකම ණය වෙන,අසරණ වන ඔවුන් කවුරුන් කියා රැක ගන්නනද?අනෙකා දෙස බලා ඇඳුම් අඳින,ගමන් යන අඩුම තරමේ සෙල්පියක් දැම්මත් එකත කොහෙන් හරි කොපි කරන තරමේ මානසික වියවුලක ඔවුන් ජීවත් වෙයි.

"නෑ බන් ඒක නෑ දැන්"

අස්සක් මුල්ලක් නෑර බහුතරයක් වු ආදර සබඳතා වලින් පසු කලෙක දී ඇසෙන වචන කීපයක් ඒ.තරුණ තීරණ සහ හැගීම් තෙරක් නොමැතිව ප්‍රකාශණය වු කල,පසු කලෙකදී දෙදෙනාටම එය ඉතා සාමාන්‍ය දෙයක් බවට හැරේ.ඔවුන් අතර නීතිමය රාමුවක වුවද කිසිදු බැඳීමක් නොමැති කල තව දුරටත් එහිම රැදී සිටීම නිශ්පල දෙයක් බව වටහා ගන්නා ඔවුන් එයින් නිකම යනු ලබන්නෙ අසුරු සැනෙනි.යම්කිසි සංස්කෘතියක් තුළ හැදී වැඩුනු මිනිසා කෙලෙස පරිවර්තනය හෝ අනුවර්තනය වුවද තම ලේ දාතුවෙහි යටව පවතින සංස්කෘතිය නම් වු දේ සඳහා කුඩා හෝ ඉඩ කඩක් දෙනු ලබයි. එම නිසාවෙන්ම තම ආදරය හෙම්බත් වු කල ගෙදරින් ගෙනෙනා යොජනාවකට කැමති වී තම ජීවිතය සාර්ථක කර ගැනීමට වග බලා ගනු ලබන්නේ එම හේතුව නිසාවෙනි,මිනිසුන් බොහෝ දෙනා ඉන් පසුව පවුල නම් වු ඒකකය තුලම මිය ඇදෙන්නට හේතු වන්නේ එම සංස්කෘතිය ඔවුනට නොදැනීම ඔවුන් තුලින් බිහිව ඇති නිසාවෙනි.ආදරය වඩාගෙන ඉබගෙනම සිදු කල යුතු දෙයක් නොවුවද ,බොහෝ විට මිනිසා ඒ දෙස බලනු ලබන්නේ එය එලෙස විය යුතු ආකරයෙන්ය.හාද කම පටන් ගෙන නොබෝ කලකින් ඇඳට පනින වර්ථමාන පරපුර ඉන් අනතුරුව පෙර කීව සැටියෙන්ම ජීවිතය ඕසම් කොරන් ජීවත් වන්නේ පෙර නොවු වීරු ලෙස වුනු ආදරයක් භුකියේ සටහන් කරමින්ය.එක තත්පරයකින් තම ආදරය මාරු කල දිය හැකි ආකරයට එක තට්ටුවකින් සියලු දේ වෙනස් කල හැකි ආකරයට සමාජයම නව්‍යකරණය වී ඇත.අවසානයේ කල යුතු සියලු දේ මුලුන්ම සිදු කරණු ලබන ආදර යුවල තම ජීවිතයේ මැජික් එක නැති කර ගනු ලබයි. මිනිසා තම අනාගත උත්සහය රඳ පවත්වා ගනු ලබන්නේ කිසියම් වු කුතුහලයක් තමා තුල ඒ පිලිබඳව රැඳී ඇති නිසාවෙනි.කුතුහලය රැදී පවතින තාක් කල් එහි ඇති මැජික් එක පිලිබඳව ඔවුන් සිතමින් සිටි.අවසානයේ විවාහයෙන් පසුව ලබන මැජික් එක රැදී පැවතීමට රුකුලක් ඔවුන් විසින්ම සාදා ගනු ලබයි,එය නීතිය,දරුවා,මිළ මුදල් විය හැක.අද පමණක් නොව අතීතයේද පිට යැම ගැන නොය නොයෙකුත් පුවත් අපට අසන්නට ලැබේ.නමුත් මේ වර්ථමානයේ තරම් එය අතීතයෙදි දිවුනුව තිබුනා නොවිය යුතුය."පිට යෑම" යනු විවාහ වී සිටින හෝ ආදරයක සිටින දෙදෙනකුගෙන් එක් පුද්ගලයෙකුගේ තාවකාලික ආතල් එකක් සොයා යන ගමනක් ලෙස හැඳින්විය හැක.වර්තමානයෙදී එම තත්වය ඉතා ඉක්මනින් පැතිරි යන වසන්ගතයක් බවට පත්ව ඇති අතර සම ලිංගික විවාහ නිති ගත කලා සේම "පිට යැම" ද නීති ගත වීමට වෑඩි ඇතක් නැත.සමහරුන් මැජික් එක නැති වු හැටියේම එයින් නිකම් යති,එලෙස නොකරන ඇතැම් පිරිස් පිට යාමට පෙලෙබෙති.මෙහිදී තීරකය වන්නේ 1% හෝ 0.1% තරම් අඩුවු ප්‍රතිශතයක දෙයක් තම ආදරය තුළින් නොලැබීමය.ඉතිරි 99% ලැබුණද නිමක් නොවන ආශවල් කරණ කොටගෙන ,තම ජීවිතය සහ මුලින්ම නැති කරගෙන ආත්මය පාව දෙමින් 1% සොයන තරුණ පරම්පරාවක් බිහි වීමය.සමහරක් මුළු ජීවිතයම නැති කර ගන්නා අතර තවත් සමහරු ඉතා සුක්ෂම ආකරයෙන් එයට ඇතුල් වීමත් ,එයින් පිට වීමත් සිදු කරණු ලබයි. එය කෙලෙසක සිදු කලද ඇති වන ප්‍රතිපලය එකම තැනක පිහිටන නිසවෙන්ම එය කරුමයක් බව තරයේ කිය සිටිය යුතු වේ.බොහෝ විට පිටතින් බලා ඇසුරු කරන ඔවුන් සිතක සිතිවිල්ලක ඇති ගැඹුරු බව පිළිබඳව නොසිතා ඉක්මන් තීරණ වලට යන නිසවෙන්ම "ඉක්මන කොටයි" යන්න නැවත නැවත සපථ කර සිටි.අඳින ඇදුමක ,පළඳින දෙයක සහ යාන වාහනයක් මූලික කොටගෙන ඔවුන් තම සබඳතාව අරඹනු ලබයි.ඇතුළතින් සිටින මිනිසා ගැන හෝ,ගැහැණිය ගැන ඔවුන් සිතන්නට නොපෙලබවන ආකාරයේ කූට වු කාරනා මුලික කොටගෙන ඇරඹේන එවන් වු ආදර පලහිල්වු හී අවසාන දැක්ම සිදු වන්නේ ඉහත කී ආකරයටය.

මහසෙන් කලහේ 


එවන් වු ඕසම් සිහින ලොකයක ජීවත් වන් සැම දෙනාට ඕසම් නොවන් රියලටියට පැමිනෙන්න ආරාධනා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පාඨක පිටුව 3078306936247455447

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item