පැහැරගෙන යයි කියල බයයිද - ගම්මන්පිල අහයි

2015 දෙසැම්බර් 28 වන දින පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අද...

2015 දෙසැම්බර් 28 වන දින පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්.

ජාතියේ අදුරුතම දිනය ජනවාරි 08 වෙනිදා උදාවීමට තව දින 11යි. ජනවාරි 08 වෙනිදා ජාතියේ අදුරුතම දිනය බවට පත්වෙන්නේ, පසුගිය ජනවාරි 08 වෙනිදායින් ඇරඹුණු යුගයේ මේ රටේ ජාතික ආරක්ෂාව විනාශ වුණු නිසා, ජාතික ආර්ථිකය කඩා වැටුනු නිසා. සමාජ සුභ සාදනය ඇද වැටුනු නිසා. ඒ වගේම මේ රටේ සභ්‍යත්වය සංස්කෘතිය පිරිහුණු නිසා.

පසුගිය වසරේ වෙනස සැපද කියල ඇහුවම ඇමතිවරුනම් කියනව සැපයි සැපයි කියල. හැබැයි ජනතාවටනම් එහෙම දැනිල නෑ. පසුගිය වසරේ මේ රටේ ජනතාව යහපාලනය නමින් වෙනස නමින් බලාපොරොත්තු වුන දේ ඉටුනොවුනාය කියන පනිවිඩය ආණ්ඩුවට ලබාදෙන්න ජනවාරි 02 සිට ජනවාරි 08 වෙනිදා දක්වා අපි කලු කොඩි ඔසවමුයි කියල ජනතාවට යෝජනා කරනවා. තමන්ගේ නිවසේ තමන්ගේ වාහනේ කලු කොඩියක් ඔසවලා මේ අදුරු යුගයට අපි අකමැති, මේ ආණ්ඩුව යන ගමන අපි ප්‍රතික්ශේප කරනවා කියන පනිවිඩය අපි ආණ්ඩුවට ලබාදෙමු. හැබැයි මේ තියෙන භීෂණ වාතාවරණය තුල කලු කොඩියක් එසවීමේ හේතුවෙන් කලු ඩිෆෙන්ඩරයකින් පැහැරගෙන යාමේ බියක් දැනෙනවා නම් තමන්ගේ Face Book profile Picture එක එහෙමත් නැත්නම් මුහුණු පොතේ හැදුනුම් පින්තූරය කලු කොඩියක්බවට පත්කරන්න කියල මේ රටට ආදාරය කරන ආණ්ඩුව ගැන කළකිරී සිටින පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සමස්ථ ජාතියෙන්ම අපි ඉල්ලා සිටිනවා.

ඒ වගේම 2015 ජනවාරි 08 පස්සේ මේ රටේ උදාවුණු මේ රට දෙකට බෙදූ බයියන්ගේ සහ ටොයියන්ගේ යුගය 2016 ජනවාරි 08 වෙනිදා අපි අවසන් කරනවා. අපි බයියින් සහ ටොයියන් ලෙස දෙකට බෙදී වාද කලා හොදටම ඇති. අමනාප උනා හොදටම ඇති. ජනවාරි 08 බයියන් බුලත්කොළය තෝරාගනිද්දි ටොයියන් තෝරාගත්තේ හංසයන් බව ඇත්තයි. හැබැයි දැන් බයියන්ටත් වඩා මේ ආණ්ඩුවට බැන වදින්නේ කළකිරීමෙන් කතා කරන්නේ ටොයියන්. ඒ නිසා ටොයියන් උපහාසයට ලක්කලා ඇති, අවලාද නැගුවා ඇති, ශාපකලා ඇති. ඒ යුගය අපි අවසන් කරමු. මොකද දැන් ටොයියන්ගේත් බයියන්ගේත් පොදු පැතුම හැකි ඉක්මනින් මේ ආණ්ඩුවේ අවසානය දකින එකයි.

ජනවාරි 08 වෙනිදා තිබුණු යුගයට වඩා හොද යුගයක් පැතුවත් ඊට වඩා නරක යුගයක් දැන් උදා වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඉදිරියේදී ටොයියන් බයියන් ලෙස දෙකට බෙදී ඇන කොටා ගැනීමේ යුගය ඉදිරි ජනවාරි 08 අවසන් කරන්න කියල සැමගෙන් ඉල්ලා සිටිනවා. ටොයියො, බයියො එකතුවෙලා ගොයියො බවට හැමොම පත්වෙලා අපි අලුත් රටක් හදන වැඩ පිළිවෙලට අත්වැල් බැදගනිමු කියල ආරාධනා කරනවා. එහෙම හොදයි නේද ගොයියෝ කියල අපි ජනතාවගෙන් අහනව.

පසුගිය මැයි හා සැප්පැම්බර් මාසයෙත් අපි දිගින් දිගමට පාර්ලිමේන්තුව තුලත් මාධ්‍ය හමු තුලත් අපි කතා කර ඉන්දීයාව හා ශ්‍රි ලංකාව යාකෙරෙන හනුමා පාළම පිළිබඳව අපි මේ ගැන මාධ්‍ය හමුවක් තියලා ආනාවරණය කරා ඉන්දීයාව මේ ගැන ශක්‍යතා වාර්තාවක් සකස් කරලා ඩොලර් බිලියන 5.2ක ණය මුදලක් අසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා තිබෙන බව. අපි පෙන්වා දුන්නා හනුමා පාළම ඉදිකළොත් ජාතික ආරක්ෂාවට, ආර්ථිකයට, සේවා නියුක්තිකයන්ට හා බොවේන රෝග පැතිරිමේ තර්ජනයක් ඇති වෙනවා කියලා. අපි මේ ගැන කථා කරද්දි අගමැතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් කියුවේ මාගේ ඉන්දීයානු සංචාරයේ දී ශ්‍රී ලංකාව හා ඉන්දීයාව යා කරන කිසිම පාළමක් ගැන සකච්චාවක් වුණේ නෑ කියලා. අපි එහෙම ප්‍රශ්න කළේ ඉන්දීයාවේ මාහාමාර්ග ඇමති ඉන්දීයාවේ ප්‍රධානතම ප්‍රවෘර්ති වාර්තාකරුවන් වන Press Trust of Indiaඉන්දීයාව හා ශ්‍රී ලංකාව යා කරන පාළමක් ගැන ශ්‍රී ලංකාවේ අගමැතිතුමා සමග සකච්චා කළාය කියලා. ඒ වගේම ලංකාවේ මාධ්‍යත් වාර්තා කළා අගමැත්වරයා ඉන්දියාවේ මහාමාර්ග ඇමතිවරයා හමුවුණාය කියලා. නමුත් අගමැතිතුමා කියන්නේ එවැනි සකච්චාවක් සිදු වුණේ නෑ කියලා. ඉන්දීය මහමාර්ග ඇමතිතුමා ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරනවා දැන් පාළම හදන්න සියල්ල සුදානම් පසුගිය ශ්‍රි ලංකා අගමැතිතුමාගේ සංචාරයේ දී අපි ඒ ගැන සකච්චා කරා නරේන්ද්‍ර මොඩි අගමැතිතුමත් එක්කත් සකච්චා කළා. අපි ආණ්ඩුවෙන් අහන්නේ නිවැරදි ප්‍රකාශය වන්නේ ලංකාවේ අගමැතිතුමා ලංකාවේ පාර්ලිමේන්තුවට කල ප්‍රකාශයද නැත්නම් ඉන්දියවේ මහාමාර්ග ඇමතිතුමා ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශයද? ඉන්දියවේ මහාමාර්ග ඇමති ඇත්ත කියනවනම් ලංකාවේ අගමැතිතුමා කියන්නේ බොරු, ලංකාවේ අගමැතිතුමා කියන්නේ ඇත්ත නම්ඉන්දියවේ මහාමාර්ග ඇමති කියන්නේ බොරු මේ දෙකම ඇත්ත වෙන්නේ නෑ. ඒ කියන්නේ දෙන්නගෙන් එක්කෙනෙක් රටේ උත්තරිතර තැනට බොරු කියලා තියෙන්නේ. අපි ඉන්දීයාවේ මහාමාර්ග ඇමතිතුමා ගැන ප්‍රශ්නයක් නෑ මොකද එතුමා නඩත්තුවෙන්නේ අපේ මුදලින් නෙවෙයි එතුමා ඔය තත්වෙට පත් කළේ අපි නෙවෙයි ඒ නිසා අපේ අගමැතිතුමා ප්‍රකාශ කළයුතුයි කවුද ඇත්ත කියනේ කියලා.

2013 දී ඉන්දියාවේ විදේශ ඇමතිවරයා ලංකාවේ සංචාරය කරලා ගිහිල්ලා ඉන්දීයාවේ පාර්ලිමේන්තුවට කියුවා 13වනි සංශෝදනය ඉක්මවා බලය බෙදන්න මහින්ද රාජපක්ෂ මහත්මයා පොරොන්දු වුණා කියලා. එවිට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ප්‍රකාශයක් නිකුත් කලා අපි එවැනි පොරොන්දුවක් වුණේ නෑ කියලා. එවකට විපක්ෂය වන එජාපය දිගින් දිගටම ප්‍රශ්න කලා බොරු කියන්නේ ඉන්දියාවේ විදේශ ඇමතිද නැත්නම් මහින්ද රාජපක්ෂද කියලා. එක නිකන් මාධ්‍ය ප්‍රකාශයක් විතරයි නමුත් මේක අගමැතිතුමා පාර්ලිමේන්තුවට කල ප්‍රකාශයක්. මේ ආණ්ඩුව කියන්න ඔනේ මොන රටේ කෙනාද ඒ රටේ පාර්ලිමේන්තුවට බොරු කියුවේ කියලා. දෙදෙනාගෙන් කෙනෙක් බොරු කියලා තියෙනවා ඒ බොරු කියු චේතිය අපේ අගමැති නොවේවා කියලා අපි ප්‍රර්ථනා කරනවා.

මම පසුගිය දින 10 ඔස්ට්‍රේලියවේ සංචාරයක යෙදිලා හිටියා. මම ඔස්ට්‍රේලියවේ ඉන්න අතරේ අපේ පාච රණවක ගරු ඇමතිතුමන් මාධ්‍යවෙත කියනවා සිගිති ඩිල් ගැන කතා කරපු ගම්මන්පිලටත් ඔන්න දැන් ඔස්ට්‍රේලියවේන් වරෙන්තුවක් කියලා. පාච රණවක ගරු ඇමතිතුමනි ඔබගේ පච මල්ලට තවත් පචයක් එකතු වී ඇත. මට එරෙහිව ඔස්ට්‍රේලියවේ ආණ්ඩවෙන් වරෙන්තුවක් තිබුණා නම් මම ඔස්ට්‍රේලියවට ඇතුළුවෙනවිටම මාව අත්අඩගුවට ගන්නවා. මට වීසා දෙන්නේ නෑ රටට ඇතුල් වෙන්න. මම වීසා ලබා ගත්තේ යන්න සති දෙකකට කලින්. එක නිසා මම ඔස්ට්‍රේලියවට ඇතුවෙන්න හැදුවත් මාව අත්අඩංගුවට ගන්නවා ගරු පච රණවක ඇමතිතුමනි ඔබතුමාගේ මට්ටමෙන් අපිව මනින්න එපා අපි වැරදි කරලා නෑ. එක නිසා අපිට විරුද්ධව කොහෙන් වත් වරෙන්තු නිකුත් වෙලා නෑ. නමුත් එතුමාට ලැබිය යුතු වරෙන්තු ගනනාවක් නම් එතුමාගේ ඇමතිකමේ උදහසින් වළක්වාගෙන තියෙනවා කියලා අපි ප්‍රකාශ කරන්න කැමතියි.


අපි ගිය සතියේ සිහිපත් කරා රණවිරුවන්ව අත්අඩංගුවට අරන් තියෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය කියලා. එහෙම කිරීමට හේතුව පොලිසියට සැකකරුවකු කරන ප්‍රකාශයක් පොලිසියට ඔහුට විරුද්ධව උසාවියේ දී පාවිච්චි කරන්න බෑ. අපිට මතකයි පසුගිය කළේ සේයා දැරියගේ ඝතනයට සැකපිට කොටදෙනියාව පොලිසයට අරන් යන හැමෝම ඔව් මම කළේ කියලා පාපෝච්චාරනය කරල තිබුණා. පසුව සොය බලද්දි පොලිසිය ගහනවට බයේ තමයි වරද පිලිගෙන තිබුණේ ඩි.එන්.ඒ පරික්ෂණය තිබුණේ නැත්නම් නිවැරදිකරුවකු තමයි එල්ලුම්ගස් යන්න තිබුණේ. මේ කාරණය නිසා තමයි පොලිසියට සැකකරුවකු කරන ප්‍රකාශයක් ඔහුට විරුද්ධව උසාවියේ දී පාවිච්චි කරන්න බෑ. ත්‍රස්තවාදින් අත්අඩංගුවට ගත්විට ඔවුන් ප්‍රකාශ කරන තැන්වලට පොලිසියට යන්න බැරි නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විශේෂ විදිවිධානයක් තියෙනවා සැකකරුවකු කරන ප්‍රකාශයක් සහකාර පොලිස් නිලධාරිවයෙකුට හෝ ඊට ඉහල නිලධාරියෙකුට සැකකරුවකු කරන ප්‍රකාශයක් ඔහුව විරුද්ධව අධිකරයේ දී පාවිච්චි කරන්න පුළුවන්. මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තේ බලහත්කාරයෙන් පාපොච්චාරනය කරලා එක සාක්ෂියක් බවට පත් කර ගන්න. නමුත් හේතුව විදිහට කියන්නේ බුද්ධි අංශ ත්‍රස්තවාදීන් එක්ක එකට වැඩ කරලා තියෙනවා එකයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තේ කියලා. බුද්ධි අංශ වල වගකීම තමයි ත්‍රස්තවාදීන් පිළිබද තොරතුරු සොයා ගන්නා එක. දැන් කාට හරි උදය ගම්මන්පිල හමුවෙන්නේ කාවද? පක්ෂයේ ඉදිරිවැඩපිළිවෙල මොකක්ද? පක්ෂයට උදව් කරන්නේ කවුද? තොරතුරු සොයා ගැනීමේ ආණ්ඩුවට දොලදුකක් ඇතිවුවහොත් බුද්ධි අංශයේ කෙනෙක් ඇවිත් මගේ රියදුරා විදිහට සේවය කරන්නම් පැය විසි හතේරේම මට නිවාඩුත් එපා සර් මම සර්ලගේ ගෙදරම නවතින්නම් කියලා රියදුරා වෙන්න පුළුවන්. ආරක්ෂයෙක් විදිහට එන්න පුළුවන් නැත්නම් මගේ කාර්යාලයේ කාර්ය සහයකයෙක් විදිහට එන්න පුළුවන්. මගේ ලේකම්වරිය විදිහට එන්න පුළුවන්. එහෙම වුණොත් තමයි මන් මොනවද කරන්නේ කියලා ඉහලට වාර්තා කරන්න පුළුවන්. මාත් එක්ක ගැවසෙන්නේ නැතුව මන් කරන්නේ මොනවද කියලා සොයා ගන්න බෑ. ඉතින් ත්‍රස්තවිරෝධි බුද්ධි නිලධාරින්ට තිබුණු වගකීම තමයි ඔවුන් කරන දේ සොයා බැලීම. ඒ අයට ත්‍රස්තවාදින්න එක්ක කන්න බොන්න, සල්ලි දෙන්න සිදුවෙනවා, රට පනින්න වගේ උදව් කරන්න වෙනවා, ත්‍රස්තවාදීන් එක්ක එකට වැඩ කරන්න සිද්ධ වෙනවා. එහෙම කළේ නැත්නම් කිසිම තොරතුරක් බුද්ධි අංශ නිලධාරින්ට ලබා ගන්න බැරිවෙනවා. හතුරා සමග ගණුදෙනු කලා කියලා බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගන්නේ නම් ලොකයේ කිසිම රටක බුද්ධි අංශ නිලධාරිනට සේවය කරන්න බෑ. ඔවුන්ගේ රාජකාරියම එකයි. මේ වගේ බොරු හේතු කියලා රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය විනාශ කරනන එපා අනාගතයේ මෙවැනි ප්‍රශ්නයක් ඇතිවුණොත් කිසිම කෙනෙක් බුද්ධි අංශ නිලධාරියෙක් වෙන්නේ ඉදිරිපත් වෙන්නේ නෑ. එවගේමයි දැන් පොලිසිය හොරු අල්ලන්නෙත් නෑ මොකද ඔවුන්ට බයයි ඊළග ආණ්ඩුව ආවාම හොරු එළියට අරන් ඔවුන් ඇතුලට දාවි කියලා එක නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේ ආරාජිකතාවය ඇතිවෙන්න දෙන්න එපා කියලා.


පාලාත් පාලනය මැතිවරණය දිගින් දිගටම කල් දානවා එකට හේතුව විදිහට කියන්නේ මැතිවරණය තියන පනත තාම සංශෝදනය කරලා ඉවර නෑ. එක නිසා ඡන්දය තියන්න විදිහක් නෑ. පනත හදලා ඉවර නැත්නම් කලින් නීතියෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මෙහෙම ගියොත් දණ්ඩනීති සංග්‍රහයේ පනතක් සංශෝදනය කරමින් ඉන්නේ එහෙම කියලා හොරුන්ට දඩුවම් කරන එක නතර කරන්න ද? විවාහ පනත සංශෝදනය කරනකම් මේ රටේ විවාහ නවත්වන්න ද? ආගමන විගමන පනතක් මේ දවස්වල සංශෝදනය වෙනවා එක ඉවර වෙනකන් ලංකාවේ මිනිස්සු පිටරට යන එකයි පිටරට අය මෙහෙට එන එකයි නවත්වන්න ද? ඒ නිසා විහිලු සහගත දේ කියන්නේ නැතුව ආණ්ඩුව වසරක් රට කෙරුවා ආණ්ඩුවට ජනතාව කැමතිද නැද්ද කියලා පුංචි ඡන්දය තියන්න මැන ගන්න කියලා අපි ආණ්ඩුවය කියනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6624423909642857301

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item